කොළොන්නාවේ ගංවතුර පාලනය ගැන අගමැතිනි ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

27

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්්‍යාලයේදී පැවැත්විණි. එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර සහභාගී වූහ.

කොළොන්නාව වාර්තාවෙන් ලබාදී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අතර, මීළඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ඉදිරිපත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ව දැනුවත් කළාය.

ජාතික නිදහස් දිනය හේතුවෙන් රජයේ නිවාඩු දිනයක් වුවත් ඊයේ (04දා) පැවති මෙම සාකච්ඡාව වෙනුවෙන් ඊට අදාළ ආයතනවල, වගකීම් දරන රාජ්‍ය නිලධාරීන් පැමිණ සිටියහ. පැය 3කට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවේදී කොළොන්නාව ගංවතුර පාලනය සඳහා වන සැලසුම්, යෝජනා හා අදහස්ද ඉදිරිපත් විය.

මෙම සාකච්ඡාවට දිස්ත්‍රික් ලේකම්වරයා, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු ජල සම්පාදන මණ්ඩලය, ඉඩම් ඉඩම් ගොඩ කිරීමේ දෙපාර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්්‍යාලය, නාගරික සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරීන් සහ කොළොන්නාව, ගොතටුව පොලිස් ස්ථානාධිපතිවරුන් එක්ව සිටියහ.


advertistmentadvertistment