ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක චන්දිම නයනජිත් මහතා අප්‍රේල් 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළේය.
ගිනි තැබීමේ සිද්ධියට අදාළව කෝට්ටේ මහනගර සභාවේ හිටපු විපක්ෂ නායකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මොහොතේ මෙම නියෝගය නිකුත් කළේය.