කෝට්ටේ ශ්‍රී දළඳා මහා පෙරහරේ කප් සිටුවීම අද

88

ඓතිහාසික කෝට්ටේ ශ්‍රී දළඳා මහා පෙරහර මංගලෝත්සවයේ කප් සිටුවීම අද 02දා රත්‍රි 7.23 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරේ. කෝට්ටේ රජමහා විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන්, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් ලංකාරාමාධිපති තලංගම දේවානන්ද නාහිමිපාණන් වහන්සේගේ උපදෙස් පිරිදි පැවැත්වේ.

03 වැනිදා කුඹල් පෙරහරද, 04, 05 සහ 06 වැනි දිනවල උඩ මළුවේ මල් පෙරහරද, 07 වැනිදා පාවඩ අඩවිදි පෙරහර සහ 08 වැනිදා රන්දෝලි පෙරහර පැවැත්වේ. වාර්ෂිකව සතර මහා දේවාලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළඳා පෙරහර මංගලෝත්සවය මෙවරද පැරණි චාරිත්‍රාණුකූලව පුද සිරිත් වලට මුල්තැන දෙමින් කෝට්ටේ, මිරිහාන, පාගොඩ සහ බැද්දගාන ගම්වාසී මෙන්ම පළාත්වාසීන්ගේ එකතුවෙන් හා විහාරස්ථ දායක සභාව තරුණ සංගමය විසින් මෙය සංවිධානය කරයි.

උපුල් රුවන්

advertistmentadvertistment
advertistmentadvertistment