කෝටිපති සීයාගේ පිස්තෝලය ළඟ තබාගත් මුණුබුරාට දඩ

472

කෝටිපති ව්‍යාපාරික වයෝවෘද තම සීයා විසින් කලකට පෙර පරිහරණය කළ බව කියන පැරැණි පිස්තෝලය බලපත‍්‍රයක් නොමැතිව නීති විරෝධීව ළ`ග තබා ගත් එම ව්‍යාපාරිකයාගේ මුනුපුරාට මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ටී. එන්. ඒ. මහවත්ත මහත්මිය විසින් වසර 5 කට අත්හිටවූ බරපතල වැඩ ඇතිව මාස 6 ක සිරද`ඩුවම් සහ රුපියල් 25,000 ක දඩ නියම කළාය.

මෙහි පැමිණිල්ල අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව වරද පිළිගත් විත්තිකරුගේ නිවස වටලා ඇත. පසුව නිවසේ ස`ගවාගෙන තිබු පිස්තෝලය සහ ජීව උණ්ඩ අත්අඩංගුවට ගෙන ඇත. අදාල චෝදනාවට රිමාන්ඞ් බන්ධනාගාරයෙන් විත්තිකරු අධිකරණය හමුවට (2 දා* ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වරද පිළිගන්නා ලදී. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙහි පැමිණිල්ල මෙහෙයවිය. විත්තිය සහ ඇප අයැදුම වෙනුවෙන් නීතීඥ නාලක ප‍්‍රනාන්දු දන්ත නිරංජන ජ්‍යෙෂ්ඨ නීතීඥ ඉන්දික සිල්වා යන මහත්වරුන් සම`ග ජනාධිපති නීතීඥ නෙවිල් අබේරත්න මහතා පෙනී සිටියේය.

මීගමුව සමුහ විමල් කීර්ති


advertistmentadvertistment