කෝටියක කුඩු සමග පාතාල කෙරුමා අල්ලයි

590

හේමන්ත රන්දුණු
 
 මට්ටක්කුලිය ප‍්‍රදේශයේ පාතාල කල්ලි නායකයකු බව කියන චූටි උක්කුන් නැමැත්තාගේ සොහොයුරා බව කියන මනෝජ් ප‍්‍රියංකර නොහොත් සමිට්පුර ප‍්‍රියංකර රුපියල් කෝටියක හෙරොයින් තොගයක් සම`ග කොළඹ උතුර කොට්ඨාස අපරාධ අංශය මගින් පෙරේදා (28 වැනිදා* රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත.
 
 මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සුඛෝපභෝගි මෝටර් රථයකින් මෙම හෙරොයින් තොගය රැුගෙන යමින් සිටියදී මට්ටක්කුලිය සමිට්පුර ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.
 
 චුටි උක්කුං නමැති පාතාල නායකයා මීට ටික කලකට උඩදී ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක් විසින් ඝාතනය කළ අතර ඔහු මරාදැමීමෙන් පසු ඔහුගේ සොහොයුරා මට්ටක්කුලිය පාතාලයේ නායකයා ලෙස කටයුතු කරමින් සිටියි.
 
 කොළඹ උතුර ප‍්‍රදේශයේ හෙරොයින් බෙදාහැරීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන මෙම ජාවාරුම්කරු රඳවාගෙන ප‍්‍රශ්න කරගෙන යන බව පොලිසිය පවසයි.
 
 කොළඹ උතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති නලීන් ප‍්‍රියන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.


advertistmentadvertistment