කෝටි තුනක වාලම්පුරි දෙකක් විකුණන්න හදයි

182


රුපියල් කෝටි තුනකට අලෙවිකිරීම සඳහා ගෙනවිත් තිබූ වාලම්පුරි දෙකක් මොනරාගල මහානාම පාරේ පිහිටි පුද්ගලික නිවාඩු නිකේතනයකදී අද මොනරාගල පොලිස් විශේෂ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් තිදෙනෙකු සමඟ අත්අඩංගුවටගෙන ඇත.
වාලම්පුරි මිලදීගන්නා මොනරාගල පදිංචි ව්‍යාපාරිකයා මොනරාගල මහානාම පාරේ පුද්ගලික නිවාඩු නිකේතනයක සිටින බව දැනුම්දී ඇත. පොලිස් නිලධාරීන් වෙස්වලාගෙන එම නිවාඩු නිකේතනයේ කාමරයක් කුලියටගෙන ඇත.
අද උදේ හිමිකරුවන් මෝටර් රථයකින් වාලම්පුරි නිවාඩු නිකේතනයට රැුගෙනවිත් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment