රුපියල් කෝටි දෙකක් වටිනා විදේශී දුම්වැටි තොගයක් සහ විද්‍යුත් දුම්වැටි නැවත පුරවා ගැනීම සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු කොළඹ – 10 ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
මොහු ඉකුත් 14 දා අලුයම 05.30 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔහු මලු තුළ “මැන්චෙස්ටර්” වර්ගයේ දුම්වැටි 120,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 602 ක් සඟවා ගෙන පැමිණ සිටියදී, කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දුම්වැටි සහ විද්‍යුත් දුම්වැටි නැවත පිරවීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය තොගය සමග ඒවා නීතිවිරෝධී ලෙස රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.
ප්‍රභාත් විතාන, කටුනායක – ටී. කේ. ජී. කපිල