මැණික් ඇතුළු තවත් ව්‍යාපාර කිහිපයක් පවත්වාගෙන යන හක්මන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් පිරිසක් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා ඇති අතර ඔහු එම කප්පම් මුදල නොදීම නිසා ඔහුගේ ගබඩාවක් අසල නවතා තිබූ ලොරියකට වෙඩි තබා ඇත. 08 – පිටුවට
සිද්ධිය පිළිබඳව වලස්මුල්ල පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි.
මෙම ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකින් හෙළිවී ඇත්තේ කිසියම් පුද්ගලයකු ඔහුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා නිතර දුරකථනයෙන් තර්ජනය කරන බවයි.
මෙම කප්පම නොදුන් නිසා තමාගේ ගබඩාව අසල නතර කර තිබූ ලොරියට ඉකුත් සිකුරාදා
(3 දා) රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ඔහු පොලිසියට පැමිණිලි කර තිබේ.
මේ අවස්ථාවේ මෙම ගබඩාවේ සේවකයන් කිසිවකු එහි සිට නැතැයි ද පොලිසිය කියයි.
නෝමන් පලිහවඩන