කෝටි 07ක කුඩු ගෙනා පාකිස්තාන් කත දැලේ

306

රුපියල් හත් කෝටි තිස්පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද (20) දින උදෑසන රේගුනිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

57 හැවිරිදි පාකිස්තානු ජාතික කාන්තාවක් වන අතර ඇය ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන බව හගවමින් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් දරා තිබේ.

ඇය අද දින උදෑසන 09.45 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි. -392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

සැකකාරිය විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක වෙනම ඇසුරුමක් ලෙස මෙම හෙරොයින් තොගය සකස් කර සගවා ගෙන තිබූ අතර එහි කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 450 ක් බරැති හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් තිබූ බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment