කෝටි 1 1/2 කට වැඩි සුදු හඳුන් සමග කොළඹගෙආරදී දෙදෙනෙක් අත්අඩංගුවට

131

රුපියල් එක්කොටි හැටලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් සුදු හඳුන් ළඟ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් උඩවලව, කොළඹගෙආර ප්‍රදේශයේදී පෙරේදා (26 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.

උඩවලව, මිරිස්වැල්පොත හංදිය, කොළඹගෙආර ලිපිනයේ පිහිටි බ්ලොක් ගල් නිෂ්පාදනය කරන වැඩබිමක නීති විරෝධී ලෙස තිබී මෙසේ සුදු හඳුන් ශාක කොටස් කිලෝ 787ක් අත්අඩංගුවට ගෙන ඇත.

සුදු හඳුන් ශාක කොටස් සන්තකයේ තබාගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් කොළඹගෙආර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 හා 47 පසුවන පුද්ගලයන් දෙදෙනකු විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සුදු හඳුන් ශාක කොටස් හා සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය අඩවි වන කාර්යාලය වෙත භාර දී ඇත.

ප්‍රභාත් විතාන, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment