ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ජල සබඳතා විසන්ධි කළ ජල පාරිභෝගිකයන්ගෙන් 2022 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදාට හිඟ ණය මුදල් වශයෙන් එකසිය හැට දෙකෝටි විසිහත්ලක්ෂ අසූහතරදහස් පන්සිය නමයක (1,622,784,509) මුදලක් අයවීමට ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකී හිඟ ණයගැති ශේෂයෙන් සියයට 73කට සමාන රුපියල් එකසිය විසිකෝටි එක් ලක්ෂ තිස්නමදහස් දෙසිය විස්සක මුදලක් (1,200,139,220) ආපසු අය කර ගැනීමකින් තොරව වසර දෙකක් තිස්සේ හිඟව පවතින බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. හිඟ මුදලක් අය කර ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා පියවර ගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.
මේ පිළිබඳ ජලසම්පාදන මණ්ඩලයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කර ඇත්තේ හිඟ මුදල් අය කර ගැනීමට දැනටමත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන හා අනිකුත් නීතිමය හා නියාමන අවශ්‍යතා පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාවට පිළිතුරු සමගින් විගණකාධිපති වෙත වාර්තාවේ පිටපතක් ඉදිරිපත්කොට ඇති බවය.
ලලිත් චාමින්ද