ශ්‍රී ලාංකිකයෝ දෙදෙනකුත් ඒ අතර
ඉන්දියාවේ මණ්ඩපම් ධීවර වරායේ සිට නීති විරෝධී ලෙස මන්නාරමට ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 20 ක් පමණ වටිනා කේරළ ගංජා තෙල් ලීටර් 105 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව්දෙනකු ටි්‍රචී පළාතේ බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කේරළ ගංජා තෙල් ප්‍රවාහනය කළ බෝට්ටුවද අත්අඩංගුවට ගෙන ඇති අතර මෑත කාලයේදී කේරළ ගංජා තෙල් ප්‍රවාහනය කළ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. මෙම කේරළ ගංජා තෙල් තොගය ප්ලාස්ටික් පැකැට් 100 ක අසුරා ඉතා සුරක්ෂිත ලෙස පැකැට් කොට තිබූ අතර ඒවා බෝට්ටුවේ රහස් කුටීරයක ඉතා පිළිවෙළකට අසුරා තිබියදී බුද්ධි අංශ නිලධාරීන් බෝට්ටුව හඹාගොස් ඒවා අත්අඩංගුවට ගෙන තිබේ. කේරළ ගංජා තෙල්, කේරළ ගංජා ඇටවලින් නිස්සාරණය කරනු ලබන අතර ඒවා ඉතා දුර්ලභ ගණයේ නිෂ්පාදනයක් බැවින් කේරළ ගංජා මිලි ලීටරයක මිල පවා ඉතා ඉහළ අගයක් ගන්නා බව එම වාර්තාවල සඳහන් වේ. ටි්‍රචී පළාතේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මෙම කේරළ ගංජා තෙල් තොගයේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 20 ක් බවට ගණන් බලා තිබිණ. ටි්‍රචී පළාත් පොලිස් ප්‍රධානියා පැවසුවේ මෙතරම් විශාල ප්‍රමාණයක කේරළ ගංජා තෙල් තොගයක් හමුවීම පිළිබඳව විශාල සැකයක් පවතින බවය. ටි්‍රචී පළාතෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම කේරළ ගංජා තෙල් ප්‍රමාණය වූයේ ලීටර් එකහමාරක ප්‍රමාණයක් බව සඳහන් කළ එම නිලධාරියා ලීටර් 105 ක කේරළ ගංජා තෙල් හමුවීම ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරන බවද ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිවුදෙනාගෙන් ප්‍රශ්න කරගෙන යන බවද කියා සිටියේය. අත්අඩංගුවට පත් සැකකරුවන් සිවුදෙනාගෙන් දෙදෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා ශ්‍රී ලාංකිකයෝය.
දිනසේන රතුගමගේ