කෝටි 200 ක සහල් කිරිපිටි බෙහෙත් ඉන්දියාවෙන් එයි

147

රුපියල් කෝටි දෙසීයකට අධික වටිනාකමින් යුත් සහල්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් නෞකාවක් හෙට (22 දා) කොළඹ වරායට පැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට ඉන්දීය රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

මෙම නැවෙන් සහල් මෙට්‍රික් ටොන් 9,000 ක්, කිරිපිටි මෙටි්‍රක් ටොන් 50 ක්, ඖෂධ සහ වෛද්‍ය උපකරණ මෙට්‍රික් ටොන් 25 ක් රැගෙන එන අතර ඒවා ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකා රජයට භාරදීමට නියමිතය.

මීට අමතරව තමිල්නාඩු මහ ඇමැති එම්. කේ. ස්ටාලින් මහතා විසින් රුපියල් කෝටි 550 කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය භාණ්ඩ තොගයක් ද ශ්‍රී ලංකාවට එවීමට පියවර ගෙන ඇත.

එම භාණ්ඩ රැගත් නැව චෙන්නායි වරායෙන් ඉකුත් 18 වැනිදා පිටත්ව තිබේ. එහි සහල් මෙට්‍රික් ටොන් 40,000 ක්, කිරිපිටි සහ ඖෂධ මෙට්‍රික් ටොන් 500 ක් අඩංගුය.

මෙම භාණ්ඩ උතුර, නැඟෙනහිර, මධ්‍යම සහ බස්නාහිර ඇතුළු දිවයින පුරා අත්‍යවශ්‍ය ප්‍රදේශ සඳහා බෙදාහැරීමට කටයුතු කරනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment