කෝටි 288 ක කුඩු ගන්න සිටි පුද්ගලයා හඳුනා ගැනේ

422

දකුණු දිග මුහුදු සීමාවට අයත් බේරුවල මුහුදු තීරයේ දී ට්‍රෝලර් යාත‍්‍රාව සමග පොලිසිය භාරයට ගත් රුපියල් කෝටි 288කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයේදී භාර ගැනීමට සිටි පුද්ගලයා කවුදැයි හඳුනා ගෙන ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් අහුන්ගල්ල, රත්නපුර, මාලබේ ප‍්‍රදේශවලට මේ වන විටත් පිටත් කර හැර ඇතැයි එම නිලධාරියා කීවේය. මත්කුඩු තොගය මෙරට මුහුදු තීරයට යාත‍්‍රාවකින් රැගෙන එන බවට රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් අනුව දින හතරක කාලයක සිට මාතර සිට බේරුවල දක්වා පොලිස් නිලධාරීන් සහ ආවේශන බුද්ධි නිලධාරීන්ගේ 80දෙනකුගෙන් සමන්විත පිරිසක් වෙරළ තීර මායිමේ වෙස් වලාගෙන රැකවල්ලා සිටි බව එම නිලධාරියා කීවේය.

පැකට් 259ක අඩංගු හෙරොයින් මත්කුඩු කිලෝ 288යි ග‍්‍රෑම් 633ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් සිදු කළ මූලික ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර පරීක්ෂණ සඳහා යෙදවූ බව එම නිලධාරියා කීවේය.

ට්‍රෝලර් යාත‍්‍රාවේ දැල් දමන ස්ථානයේ රහසිගත කුටියක සඟවා ගෙන පැමිණ තිබූ මෙම මත්කුඩු තොගයෙන් කිලෝ 56කට ආසන්න ප‍්‍රමාණයක් මුහුදට දැමූ බවත් මේ සැකකරුවන්ගෙන් සිදු කළ ප‍්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත. රාජ්‍ය බුද්ධි සේවාවට ලද තොරතුරක් අනුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් නාවික හමුදාවේ නිලධාරීන්ගේ සහාය මත අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනාගෙන් දින හතක කාලයක රැුඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර ප‍්‍රශ්න කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

කැස්බෑව- ජයසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment