එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා තමාගෙන් රුපියල් කෝටි තුනක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා සිටියේ යැයි, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කළ පැමිණිල්ලකට අනුව එම පක්ෂයේ ලේකම්වරයා ඇතුළු හත් දෙනකු ඊයේ (14දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
බොරැල්ල වැලිකඩ ප්ලාසාහිදී මෙම මුදල ජනක රත්නායක මහතාගෙන් ලබාගන්නා අවස්ථාවේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන නිලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයට එම පක්ෂයෙන් ජනක රත්නායක මහතා ඊයේ පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඇප මුදල් ද තැන්පත් කරනු ලැබීය.
ජනක රත්නායකත් ඇප බඳී
මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා එක්සත් ලංකා පොදුජන පක්ෂය වෙනුවෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වේ. ඒ මහතා වෙනුවෙන් එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය විසින් ඊයේ (14වැනිදා) ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.
ප්‍රභාත් විතාන