කෝටි 3600 වංචාව: පැමිණිල්ල ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශන

111

2022 දේශපාලනඥයන් කිහිපදෙනකු හා නිලධාරීන් පිරිසක් එකතුව කර ඇතැයි කියන රුපියල් කෝටි 3600ක (බිලියන 36ක) වංචාව පිළිබඳව ලැබී ඇති පැමිණිල්ල ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන පවත්වයි.

ඉන්ධන බෙදාහරීම තුළින් හා අඩු මිලට ඉන්ධන මිලට ගෙන වැඩි මිලට ජනතාවට අලෙවි කිරීමට අදාළ ඉන්ධන ගනුදෙනුවලින් විශාල මුදල් වංචාවක් සිදුකර ඇති බවට හා එම මහා ගනුදෙනුවට අදාළ මුදල් වගකිවයුතු අයගෙන් අයකර ගන්නා ලෙසට කොමිසම වෙත පැමිණිල්ල කර ඇති අය ඉල්ලා තිබිණි.

ඇමැතිවරයකුට, රාජ්‍ය ඇමැති දෙදෙනකුට, අමාත්‍යාංශ ලේකම්වරයකුට සහ සංස්ථා සභාපතිවරයකුට එම පැමිණිල්ලෙන් චෝදනා නඟා තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් අදාළ වංචාව ගැන විමර්ශන අරඹා ඇතැයි ඊට අදාළ පැමිණිල්ල කර ඇති මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාට දැනුම් දී තිබේ.

මෙම වංචාව ගැන හා ඊට අදාළ පැමිණිල්ල පිළිබඳව බිලියන 36ක වංචාවේ ‘තෝරු මෝරු නිදැල්ලේ’ මැයෙන් අගෝස්තු 29 වැනිදා ‘දිවයින’ මුල් පිටුවෙන් අනාවරණය කරනු ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment