කෝපය මානසික ආවේගයකි. කෝපයට පත්වූ විට මුහුණ කළු වෙයි. විරූපී වෙයි. ලේ ගමනය අධික කරවයි. ආශ්වාස ප්‍රශ්වාසය වේගවත් වෙයි. හදිසි තීරණවලට පොලඹවයි. පරුෂ වචන කටට එයි. දුරදිග නොබලා වචන පිටකරන අවස්ථා ඇති කරයි. සාමකාමී වාතාවරණයන් බිඳ දමයි. සමහර විට දරුණු හැසිරීම්වලට පුද්ගලයාව යොමු කරවයි.
අධික කෝපයට, එම කෝපය නිසාම එම පුද්ගලයාව මරණයට පවා පත්කළ හැක. එසේත් නැතිනම් කෝපයට පත් පුද්ගලයා නිසා වෙනත් අයකුගේ ජීවිතයට හානියක් සිදුවීමට පවා ඉඩ ඇත. මෙම අවස්ථා සියල්ල අධ්‍යයනය කරන කල පෙනී යන්නේ, කෝපය යනු අයහපත් ප්‍රතිඵල ගෙනදෙන හැසිරීම් රටාවන් සමූහයක් බවය.
සමහර පුද්ගලයන් සුළු දේටත් බොහෝ කෝපයට පත්වන අතර සමහරු ඉතා ඉක්මනින් හෙවත් වහා කෝපයට පත්වන බවක් පෙන්නුම් කරති. සමහරු ඇතැම් කාලවලදී කෝප නොවන අතර සමහර කාලවලදී තදින් කෝප වන බවක් පෙන්වති.
ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදී මෙවැනි තත්ත්වයන් කෙසේ ඇතිවනවා ද යන්න පිළිබඳව නිගමනයන් ලබාදීමට අදාළ වන ග්‍රහ පිහිටීම් සමූහයක් ඇත.
ජන්මියකුගේ මානසික ස්වභාවය ගැන පරීක්ෂා කිරීමේදී, යොදාගන්නා ප්‍රධානම ග්‍රහයන් වන්නේ රවි, චන්ද්‍ර, කුජ, ශනි සහ රාහු යන ග්‍රහයන් ය.
රවිගෙන් එම පුද්ගලයාගේ මමත්වය (Ego), අභිමානය (Pride), යන ස්වභාවයන් ද සඳුගෙන් මනසේ භෞතික (Physical) සහ චිත්තාවේග (Emotional) ස්වභාවයන් ද කුජගෙන් ආක්රමණශීලීත්වය (Aggressive) සහ වහා ගන්නා ක්‍රියාමාර්ග (Immediate Action) පිළිබඳව ද සෙනසුරු මගින් මානසික පීඩනය (Pressure) ආතතිය (mental Stres) සහ අනවරත සෘණාත්මක අදහස් මනසට ගලා ඒමට (Non Stop Thinking) අදාළවත් රාහු ස්වභාවිකවම පාප ග්‍රහයෙක් වන අතර සෘණාත්මක මෙන්ම මිථ්‍යාවන්ට (Negative Illusion) ජන්මියා යොමු කරවීමට මෙන්ම අතිශයෝක්තියට සහ විශාල කර දැක්වීමට යොමු කරන ස්වභාවයක් ද පෙන්වයි.
කිසියම් ජන්මියකුගේ ජන්ම පත්‍රයේ ලග්නයේ රවි සහ කුජ තැන්පත් නම් එය ඔහුගේ හෝ ඇයගේ කායික ස්වභාවය, චින්තන රටාව, නිවේදනය කරන අතර ඉක්මනින් කෝප වන නැඹුරුවක් ද පෙන්වයි. එසේම ඔවුන් තමාටම නැඹුරු වූ හෙවත් ආත්මවර්තී (Self Centered) අය වන අතර, අන්‍යයන්ට සවන්දීමට අකැමැති සහ එම අදහස් තේරුම් ගැනීමට අපහසු අය ද වෙති.
සඳු, සෙනසුරු හෝ රාහුගෙන් පීඩා වී නම් එම ජන්මියා අශුභවාදී (Pessimistic) නැඹුරුවකින් යුක්ත වන අතර ඒ නිසාම සෘණාත්මක සිතිවිලි සහ අදහස්වලින් යුක්ත වේ. ඒ නිසාම ඇතුළතින් ආවේගාත්මක මෙන්ම කෝප වන ස්වභාවයක් ඇති කෙරෙයි.
රාහු සෑම දෙයක්ම විශාල කර දැක්වීමට (Exaggerate) යොමු කරන ග්‍රහයෙක් නිසා, රවි හෝ සඳු හෝ කුජ හෝ සෙනසුරු හෝ රාහු සමග නම්, එම ජන්මියා වහා කෝපවනසුලු ස්වභාවයෙන් යුක්ත වනු ඇත.
ලග්නාධිපති හෝ සඳු තේජෝ රාශියක නම් එම පුද්ගලයාත් අධික ලෙස කෝප වන අයකු විය හැක. ගතකරන මහ දශාධිපතියාත් තේජෝ රාශියක නම් එම මහ දශා කාලයේදි එම ජන්මියා අධික ලෙස කෝප වනු ඇත.
සෙනසුරු, අඟහරු සමග යෝග නම් එම ජන්මියා ද පාලනය කළ නොහැකි තරමට කෝපයට පත්වනු ඇත.
අඟහරු දුබල හෝ පාපපීඩිත නම් එම පද්ගලයාත් සුළු දෙයටත් ඉක්මනින්ම කලබලයට පත්වන අතර එම හේතුව නිසාම අන් අයට සැනසිය නොහැකි වන තරමට කෝපයට පත්වනු ඇත.
මෙම ආකාරවල ග්රහපිහිටීම් දුටු පමණින්ම එම පුද්ගලයා වහා කෝප වන අයකු යන නිගමනයට එළැඹීමට ඉක්මන් නොවිය යුතුය.
මෙම තත්ත්වයන් වෙනස් කරවන ග්රහපිහිටීම් ද ඇත. කෝපය ඇතිකරවන ග්රහපිහිටීමට ගුරු හෙවත් බ්‍රහස්පතිගේ දෘෂ්ටිය ලැබෙයි නම් හෝ එම පිහිටීම ගුරු සමග නම් හෝ වෙනත් ශුභ ග්‍රහයකු සමග නම් හෝ දෘෂ්ටිය ලැබෙයි නම් හෝ අශුභ පිහිටීම් ඇතිකරන ග්‍රහයන්ගේ පාලක ග්‍රහයන් ශුභයන් නම් හෝ එම ග්‍රහයන් ශුභ රාශිවල හෝ ශුභ ස්ථානවල නම් කෝප වන ස්වභාවය බරපතළ නොවනු ඇත.
කෝපය පාලනයට කළ යුතු දේ:
- සුදුහඳුන් සුවඳ ආඝ්‍රාණය කිරීම, සුදුහඳුන් සුවඳැති සුවඳ විලවුන් වර්ග භාවිත කිරීම.
- මහපොළොවට ගරු කිරීම, දිනපතා උදෑසන අවදිවීමෙන් පසු පළමුව මහපොළොවට දකුණු පය තැබීම, ඊළඟට වම් පය තබා කොන්ද කෙළින් තබා ඇඳේ වාඩිවීම. විනාඩි 15 ක් පමණ නිශ්ශබ්දව මහපොළොව ගැන සිහි කිරීම. කෘතගුණ දැක්වීම. අවසානයේ මහපොළොවට වන්දනා කිරීම.
- නිවස පරිසිදුව තබාගැනීම, ආලෝකය සහ වාතාශ්‍රය නිසි පරිදි ලැබෙන සේ සැකසීම, අනවශ්‍ය හෝ කැඩුණු බිඳුණු භාණ්ඩ ආදිය නිවසින් ඉවත් කිරීම, නිවසේ නැඟෙනහිර දිශාවෙහි උදේ සවස පහනක් දැල්වීම, උදේ කාලයේ සූර්ය දිව්‍ය රාජයාණන්ට පැන් වීදුරුවක් පූජා කිරීම, නිවසේ සිටින කාන්තාවන්ට ගරු කිරීම
- නවග්‍රහ පූජා පැවැත්වීම.
- රිදී අත්පළඳනාවක් (Bracelet) හෝ වළල්ලක් (Bangle) හෝ පැලඳීම
- රතු කොරල් මැණිකක් යෙදූ ස්වර්ණාභරණයක් (Pendant) පැලඳීම
- යෝගට් හෝ සීනි සමග මීකිරි අනුභවය
ඉහත ක්‍රම අනුගමනයෙන් කෝපය පාලනය කරගත හැකි වනු ඇත.
ජ්‍යොතිෂ උපදේශක
සරත් මහීපාල
0112818933/070 503 7446/071 806 6249