කෝප් සමුළු සභාපති මාධ්‍ය චෝදනා ප්‍රතික්ෂේප කරයි

688

30 දා දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී ඇරඹි “කෝප් -28” ලෝක දේශගුණික විපර්යාස සමුළුව රටවල් 15ක් සමග ඉන්ධන හා ගෑස් ගනුදෙනු ඇති කරගැනීමේ වේදිකාවක් කරගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් සැළසුම් කර ඇති බවට බටහිර මාධ්‍ය විසින් කර ඇති චෝදනා මෙවර සමුළුවේ සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

‘කෝප් -28’ සමුළුවේ සභාපති සුල්තාන් අල් ජබාර් පවසා ඇත්තේ බීබීසී පුවත් සේවය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙවර සමුළුව රටවල් 15ක් සමග ෆොසිල ඉන්ධන ගනුදෙනු ඇති කරගැනීමට යොදා ගන්නා බවට චෝදනා කර ඇති අතර එම චෝදනාවල අරමුණ වනුයේ සිය සභාපතිත්වය අවතක්සේරු කිරීම බවයි. ඩුබායි නගරයේදී 28දා ඇරඹි 28 වැනි එක්සත් ජාතීන්ගේ ලෝක දේශගුණික විපර්යාස සමුළුව සඳහා රටවල් 200ක නියෝජිතයන් සහභාගි වන බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment