කෝපා ඇමරිකානු පාපන්දු ශූරතාව ආජන්ටිනාවට

317

වසර 28කට පසු කෝපා ඇමෙරිකානු පාපන්දු ශූරතාව ජයග‍්‍රහණය කිරීමට ලයනල් මෙසී ප‍්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම ඊයේ (11 වැනිදා) සමත්විය. එ් නේමාර්ගේ
 
 බ‍්‍රසීල කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජයට පත් කරමිනි.
 
 අවසන් මහා තරගයේ පළමු අර්ධයේ 22 වැනි මිනිත්තුවේදී පළමු ගෝලය වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට ආර්ජන්ටිනාව සමත්විය. එ්න්ජල් ඞී මරියා විසින් එම ගෝලය වාර්තා කිරීමට සමත්වූ අතර දෙවැනි අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අපොහොසත් විය. එ් අනුව 1-0ක් ලෙස ආර්ජන්ටිනා කණ්ඩායම තරගය ජයගත් අතර එහිදී ඔවුන් කෝපා ඇමෙරිකානු ශූරතාවය දිනා ගත්තේ 15 වැනි වරටය.
 
 තරගාවලියේ රන් සපත්තුව ආර්ජන්ටිනාවේ සුපිරි කී‍්‍රඩක ලයනල් මෙසී දිනා ගැනීමට සමත් වූ අතර මෙසී මෙවර තරගාවලියේදී ගෝල 4ක් වාර්තා කිරීමට සමත් වී සිටියේය.
 


advertistmentadvertistment