කෝපා කමිටුවේදී හෙළිවූ ඖෂධ මිලදී ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා සොයන්න

250

GMOA රජයෙන් ඉල්ලයි

ඉකුත් 2011 සිට 2020 දක්වා මෙරටට ඖෂධ මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට කෝපා කමිටුවේදී තහවුරු වී ඇති නිසා ඒ පිළිබඳව වහාම විමර්ශනයක් සිදුකළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි. මෙම ඖෂධ මිලදී ගැනීමේදී දූෂණ, අක්‍රමිකතා මෙන්ම ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳවද ගැටලු පැනනැගී තිබුණු බව එම සංගමය පෙන්වා දෙයි.

මෙම වකවානුවේ ඖෂධ මිලදී ගැනීමට මැදිහත්වූ දේශපාලකයන් සහ රාජ්‍ය නිලධාරීන් පිළිබඳවද පුළුල් විමර්ශනයක් සිදුකළ යුතු බව රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවින් ද සොයිසා මහතා ‘දිවයින’ ට ඊයේ (30දා) පැවැසීය.මෙම අයථා ඖෂධ මිලදී ගැනීම නිසා මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට මෙන්ම රෝගී ජනතාවටද අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවීම නිසා කෝපා කමිටු වාර්තාව සැලකිල්ලට ගෙන විමර්ශනයක් සිදුකර වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර


advertistmentadvertistment