කෝවිඞ්වලින් පසු අධ්‍යාපනයේ හෙට දවස

80

කෝවිඞ් වසංගත තත්ත්වයේ බරපතළකම තරමක් පහව යද්දී පාසල් විවෘත කිරීම යනු මෙරට අධ්‍යාපනයේ සුවිශේෂී අවස්ථාවකි. හරියටම සම්පූර්ණ වසර දෙකකටම ආසන්න කාලයක් පාසල් වසා තැබීමට සිදුවිණ. මෙහි අවාසි සහගත තත්ත්වය ඉදිරි වසර ගණනකට බලපාන බව අධ්‍යාපන විශේෂඥයන්ගේ මතයයි.

2020 වසරේ පළමු වසරට ඇතුළත් කළ දරුවන් දහස් ගණනක් එම වසරේ දින කිහිපයක් පමණක් පාසල් යෑම තුළ සහ දෙවන වසරට සමත් වුවද අවශ්‍ය ප‍්‍රාථමික අධ්‍යාපනයේ නිපුණතාවයන් හරි ආකාරව සපුරා ගැනීමට අවකාශ නොලැබිණ.

පූර්ව ළමාවිය සංවර්ධනය මෙන්ම පෙර පාසල් අධ්‍යාපනය ද මේ තත්ත්වයට බඳුන්විය. පුංචි දරුවන්ගේ ජීවන රටාව වෙනස් කර නැවත පාසල් අධ්‍යාපන මාර්ගයට ප‍්‍රවේශ කරවීම දෙමාපියන්ගේ සහ ගුරුභවතුන්ගේ ප‍්‍රධාන කාර්යයකි. ප‍්‍රාථමික අධ්‍යාපනයේ පළමු කඩඉම වූ ශිෂ්‍යත්ව විභාගයේ සංකීර්ණ බව නිසාම දරුවන්ට එල්ල කරන පීඩනය මෙවර තවත් වැඩි වූයේ කොරෝනා වසංගතය හේතුවෙනි.

දරුවකුගේ අධ්‍යාපනයේ තීරණාත්මක කඩඉමක් බවට පත්වන සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ වනවිට නිකුත්ව තිබුණ ද, සෞන්දර්ය විෂයයන්හි ප‍්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වී ඇත. ඒ ගුරු විදුහල්පති වැඩ වර්ජනයේ ප‍්‍රතිඵලයක් වශයෙනි.

උසස් අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තු සහගත ඉලක්කය උසස් පෙළ විභාගයයි. මෙවර රටේ අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින අර්බුදය නිසා දරුවන්ගේ විභාග ඉල්ලූම්පත් යොමු කිරීම පවා ගැටලූවක් වී තිබේ. එක් පසෙකින් මාරාන්තික වසංගතයයි. අනෙක් පසින් ගරු විදුහල්පති වෘත්තීය අරගලයයි. මේ සියල්ලෙන් වැඩිපුරම පීඩනයට පත් වන්නේ අපේ දරුවන්ය. දරුවන්ගේ පීඩනය හමුවේ දෙමාපියන් ද අසරණය.

මාර්ගගත :ධබකසබැ) අධ්‍යාපනය සිදුකිරීම නාගරිකව ජීවත්වන ජනප‍්‍රිය පාසල් යැයි කියැවෙන පාසල්වල දරුවන්ට තරමක් පහසුවෙන් ළගාකර ගැනීමට හැකි වුණ ද ග‍්‍රාමීය අන්ත අසරණ ලක්ෂ ගණනක් දරුවන්ට ඒ අධ්‍යාපන රටාවට අනුගත වීමට කොතෙක් දුරට හැකි වුණේද යන්න ප‍්‍රශ්නයකි. මෙවන් තත්ත්වයක් තුළ වසර දෙකකට ආසන්න කාලයක් ගෙවී යද්දී, පාසල් දරුවන්, ගුරු විදුහල්පතිවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය එන්නත්කරණයට ලක්කර යළි ක‍්‍රමානුකූලව පාසල් ආරම්භ වන ලකුණු පහල වී තිබේ.

එහෙත් ගුරු විදුහල්පති ගැටලූවට විසඳුමක් ලබාදීමට රජය තවමත් අපොහොසත් වී ඇත. මැතිවරණ ප‍්‍රකාශවල කුමක් සඳහන් වුණ ද, එම වෘත්තීය සටනේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සමිති නායකයන් විවිධ අපහසුතාවයන්ට බඳුන් කරමින් සිටී.

ආරම්භ වන පාසල් පද්ධතියේ අධ්‍යයන කටයුතු නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන තැනට පත් වුවහොත්, මේ රටේ අධ්‍යාපනය දරුණු අගාධයක් කරා ගමන් කිරීම සිදුවිය හැකිය.

තවත් පැත්තකින් කොවිඞ් පසුබිම තුළ පාසල් විවෘත කිරීම සඳහා ගන්නා වූ තීරණය තුළ ඇති අවදානම් තත්ත්වයන් ගැන මනා සැලකිල්ල යොමුකළ යුතුව ඇත. පාසල් විවෘත නොකර තබා ගැන්ම තුළ අපේ දරුවන් ප‍්‍රමුඛ සමාජයට මුහුණ දෙන්නට සිදුවන අවදානම් තත්ත්වයන් ඊටත් වඩා සංකීර්ණ වන්නකි. දීර්ග කාලයක් තිස්සේ දරුවන් නිවාස තුළ කොටුකර තබා ගැන්මට සිදුවීම තුළ ඔවුනට බොහෝ දෑ අහිමි වී ඇත. ශාරීරික ව්‍යායාම්, අමතර ක‍්‍රියාකාරකම්, පාසල තුළින් ලැබුණු බාහිර ඇසුර, නිවසේ දී රූපවාහිනිය, පරිඝණකය හෝ දුරකථනය සමග බොහෝ කාලයක් ගතකිරීම වැනි තත්ත්වයනට ඔවුන් ඇබ්බැහිවීම ආදිය හේතුවෙන් මේ දරු පරම්පරාව මානසිකව සහ ශාරීරිකව මුහුණ දෙන අවදානම් බොහොමයකි. මේ අතින් බලන විට අප‍්‍රමාදව පාසල් විවෘත කිරීම, ගතයුතු වඩාත් සුදුසු තීරණය බව අවිවාදිතය.

එසේ වුවද මෙම වඩාත් හොඳ තීරණය ක‍්‍රියාවට නැගීමට පෙර, සෞඛ්‍ය බලධාරීන්ගේ මගපෙන්වීම සහ උපදෙස් ලබාගෙන, දරුවන් පාසලට පියමන් කරන්නට පෙර සෞඛ්‍යමය අතින් ඇති අවදානම් වළක්වා ගන්නට අවශ්‍ය කරන්නාවූ පූර්ව ක‍්‍රියාමාර්ග නිසි ලෙස ගත යුතුව ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ මහාචාර්යවරයකු වූ පූජිත වික‍්‍රමසිංහ මහතා පසුගියදා පුවත්පතකට කර තිබූ ප‍්‍රකාශයක් මම දුටුවෙමි. ඔහුගේ ප‍්‍රකාශයට අනුව ලංකාවේ පාසල් 7,940 ක දරුවන් එකළොස් ලක්ෂයකට (ලක්ෂ 11) දිවා ආහාරය ලබාදීමට සිදුව ඇත. පාසල් 932 ක දරුවන් හාර ලක්ෂයකට කිරි වීදුරුවක් ලබාදීමට සිදුව ඇත. පාසල් වසා දමා තිබූ කාලය තුළ මේ දරුවනට ඒ අගනා පෝෂ්‍යදායී ආහාර වේල අහිමි වීම ගැන මහාචාර්යවරයා විශේෂයෙන් සදහන් කර සිටී.

ඒ අතින් බලන කල නිදහස් අධ්‍යාපනය අපේ දරු පරම්පරාවට ලැබී ඇති දැවැන්ත සම්පතක්මය. එය දැයට දායාද කරන්නට මුල් වූ එදා රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ අධ්‍යාපන කාරක සභාවේ සිටි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ශ‍්‍රීමතාණන් ප‍්‍රමුඛ ඒ.රත්නායක, ආචාර්ය ටී.බී.ජයා වැනි එදා සිටි ජාතික වීරවරයන් ඒ සඳහා ගත් ඉමහත් වූ උත්සාහය අප කෘතවේදීත්වයෙන් යුතුව සැමදා සිහිපත් කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සමාජයේ විවිධ තරාතිරම්වල සිටින සෑම සියලූදෙනාගේම යුතුකම සහ වගකීම අපේ රටේ නිදහස් අධ්‍යාපනය සුරක්ෂා කිරීමයි.

එක් පාසලක් විවෘත කිරීම සිර ගෙවල් සියයක් වසා දැමීමට සමාන බවට ප‍්‍රසිද්ධ කියමනක් අපේ සමාජයේ අසන්නට ලැබේ. එහි මතුපිට අර්ථය සරල වුවද ගැඹුරු අර්ථය ගැන සිතිය යුතුව ඇත්තෙමු.

ඉදිරි අනාගතය ගැන සිතා අපි සියලූදෙනා මේ රට භාර ගැනීමට නියමිත සුවහසක් දූ දරුවන් වෙනුවෙන් අපේ යුතුකම් හා වගකීම් ඉටු කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment