හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කැලණි ගෙඟ් සංරක්ෂණ කලාපයක් නම්කරයි…
රටේ ගංගා පද්ධතිය ආශ‍්‍රිතව පිහිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මෙන්ම ඒ ආශ‍්‍රිතව පදිංචිව සිටින ජනතාව විසින් එක්රැුස් කරනු ලබන අපද්‍රව්‍ය සියල්ල ගංගා පද්ධතියට බැහැර කරන බව පෙනී ගොස් තිබේ. දැනට හඳුනාගෙන ඇති පරිදි එවැනි ස්ථාන 10,733 ක් පරිසර අමාත්‍යාංශය මගින් සමස්ත ගංගා පද්ධතිය ආශ‍්‍රිතව හඳුනාගෙන ඇත.

එමනිසා ගංගා ජලය මෙන්ම ඒ අවට පරිසරයට සිදුකරන කැළි කසළ බැහැර කිරීම් ආශ‍්‍රිත පාරිසරික දූෂණයන්ගෙන් ගංගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා පියවරක් වශයෙන් සියලූම ගංගාවල රක්ෂිත මායිම් සලකුණු කරන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත. ඉකුත්දා පාර්ලිමේන්තු උපදේශක කාරක සභා රැස්වීමේ දී ද අමාත්‍යවරයා මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කරුණු පෙන්වා දී ඇත.
ඇතැම් පුද්ගලයන් විසින් දේශපාලන බලය උපයෝගී කර ගනිමින් හා නිලධාරීන්ට අල්ලස් ලබා දෙමින් ගංගා ආශ‍්‍රිතව අනවසර ඉදිකිරීම් රැුසක් ඉදි කර ඇතැයි ද, මේනිසා ගංගා පද්ධතිය ආශ‍්‍රිතව විශාල පාරිසරික දූෂණයක් සිදුවන බව ද අනාවරණය වී ඇත.
එමනිසා සියලූම ගංගාවන් ආවරණය වන පරිදි රක්ෂිත මායිම් සලකුණු කිරීමේ වැඩපිළිවෙළ කැලණි ගෙඟන් පළමුව ආරම්භ කරන්නැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය. එයට හේතුව නම් අපේ රටේ මේ වනවිට දූෂිතම ගංගාව වන්නේ කැලණි ගඟයි. එමෙන්ම ඊට අපවිත‍්‍ර ද්‍රව්‍ය බැහැර කරන ස්ථාන 1374ක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සිදු කළ සමීක්ෂණයකදී හඳුනාගෙන තිබේ. ඒ අනුව ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් ස්ථාන 577ක් හා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් 797ක් ද වාර්තා වී ඇත.

කැලණි ගඟ ආශ‍්‍රිතව ගංගා රක්ෂිතය සලකුණු කිරීමෙන් අනතුරුව එහි වෙසෙන අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට පියවර ගන්නා අතර ඔවුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් නිවාස යෝජනා ක‍්‍රමයන් ආරම්භ කිරීමට යෝජිතය.
කැලණි ගඟ සංරක්ෂණ කටයුතුවල දී විශේෂ සංරක්ෂිත කලාපයක් ලෙස හංවැල්ලේ සිට පෑලියගොඩ දක්වා කැලණි ගඟ කලාපය නම් කිරීමට පරිසර අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇති බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ අතර පවසයි.