දිවයිනේ විශාලතම මානුෂිය සංවිධානය වන ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය (SLRCS) සමඟ එක්ව නකල්ස් පානීය ජලය පසුගියදා ශ්‍රී ලංකාව තුළ හටගත් ගංවතුරෙන් විපතට පත් වූ ප්‍රජාවන්ට සහාය වීම සඳහා අගනා පියවරක් තබා ඇත.

ගංවතුරින් විපතට පත් පවුල් සඳහා පිරිසිදු පානීය ජලය කඩිනමින් ලබා දීමට ගන්නා ලද පුළුල් ප්‍රයත්නයේ පළමු පියවර සනිටුහන් කරමින් ගම්පහ ප්‍රදේශයේ සහන කටයුතු සඳහා සහන සැලසීම වෙනුවෙන් Cargills Food & Beverages Ltd විසින් බෝතල් කරන ලද නකල්ස් පානීය ජල බෝතල් (ලීටර් 5 )ගම්පහ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය වෙත පරිත්‍යාග කරන ලදි. බොල්ලෑගල සහ ගගබඩ පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කේන්ද්‍ර කරගනිමින් සිදුකෙරුණු පානීය ජලය බෙදා හැරීමේ වැඩසටහන තුළින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් පවුල් 600 ක් පමණ ආවරණය වන පරිදි පවුල් 1000 කට වැඩි ප්‍රමාණයකට ප්‍රතිලාභ ලබා දෙන ලදි.

“අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයින්ට අපගේ සහාය අවශ්‍ය අවස්ථාවල දී අත්වැලක් වීමේ වැදගත්කම කාගිල්ස් හි අප බෙහෙවින්ම විශ්වාස කරනවා. ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය සමඟ එක්ව හවුල්කාරිත්වයෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ යහපැවැත්ම සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට ඔවුන් අපට ඉඩ ප්‍රස්ථාව සලසා දුන්නා.”‍ යනුවෙන් Cargills Food & Beverages Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ අර්ජුන කුමාරසිංහ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment