ගංවතුරේ කෑම බෙදන්න ගිය උඩුවර සංවර්ධන නිලධාරිට හා සගයාට හබලකින් ගහලා

50

අඟුරුවාතොට උඩුවර උතුර ප්‍රදේශයේ ගංවතුරින් අවතැන් වූවන්ට කෑම බෙදා දීමට යෑමේදී පුද්ගලයකු සමග ඇතිවූ බහින්බස්වීම දුරදිග ගොස් එම පුද්ගලයා උඩුවර උතුර සංවර්ධන නිලධාරියාට සහ ඔහුගේ සහයකයාට හබලකින් පහරදීම නිසා ඔවුන් දෙදෙනා ගල්පාත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හොරණ රෝහල වෙත මාරුකර ඇත. 6 වැනිදා සවස මෙම සිද්ධිය වී ඇත.

උඩුවර කිරිමැටිය කිතුලහේන ප්‍රදේශයේදී මෙම පහරදීම සිදුව ඇති බව අඟුරුවාතොට පොලිසිය පවසයි.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත උඩුවර උතුර සංවර්ධන නිලධාරියා සහ ඔහුගේ සහයට පැමිණි වෙනත් කොට්ඨාසයකට අනියුක්ත කාර්මික සංවර්ධන නිලධාරියකු බවද අඟුරුවාතොට පොලිසිය සඳහන් කරයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අඟුරුවාතොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment