ගජමිතුරු ව්‍යාපාරිකයන්ට බදු සහන ලබාදීම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කොට එම බරත් ආණ්ඩුව ජනතාව පිට පැටවූ බව සමගි ජන බලවේගය සභාපති ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේදී (14දා* පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
අද රටේ ජනතාවට ගැටලූ රාශියකට මුහුණ දෙන්න සිදුවෙලා. අපි දන්නවා මේ රටේ ඉන්ධන මිල ඉහළ යන විට ජන ජීවිතයේ සෑම අංශයකටම බලපානවා. එය ප‍්‍රවාහන ගාස්තු, ආහාර පාන යන සෑම අංශයකටම බලපානවා. මේ රජය හදිසියේම ඉන්ධන මිල ඉහළ දමන්න තීරණය කරලා එය විශාල ප‍්‍රමාණයකින්. යහපාලන අපේ රජය වැඩ ආරම්භ කළේ ඉන්ධන මිල පහළ දමමින්. එය අපි දිගටම පවත්වා ගත්තා. මේ රජය භාරගන්නා විට බොරතෙල් බරලයක් ඩොලර් හැත්තෑ ගාණක් වුණා.
ඒ අනුවයි අපි ඉන්ධන මිල පාලනය කළේ. අපිට ඉන්ධන මිල සූත‍්‍රයක් තිබුණා. මේ රජය ඇවිත් ඉන්ධන බැරලයක මිල ඩොලර් 20 දක්වා පහළට ගියා. ලෝකයේ ඉන්ධන මිල පහළ වැටුණා. නමුත් මේ රජය ඒ තුළින් ජනතාවට සහනයක් ලබා දුන්නේ නැහැ. මේ අය කිව්වේ තෙල්වලින් ලැබෙන මුදල් වෙනම තැන්පත් කර ජනතාවට සහන දෙනවා කිව්වා. අද ඒ කිසි දෙයක් නැහැ. අද රජයට මුදල් නැහැ. බදු සහන දුන්නේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ටයි. දැන් ඒවා වහගන්න හදනවා ජනතා පිට පටවමින්.
මේ රජය අලූත් ජාවාරමක් පටන්ගෙන තිබෙනවා. සීනි පොල්තෙල් සියල්ල ජාවාරම්කාරයන්ට ගෙන්වන්න ඉඩ දීලා බදු මුදල් අහිමි කරගෙන දැන් මාතෘභූමිය විකුණන්න හදනවා. මාතෘභූමිය යනු තරාතිරමක් නොබලා සියලූ දෙනාටම අයිති දෙයක්. කොළඹ තිබෙන විශේෂ වටිනා ඉඩකඩම් විදේශීකයන්ට විකුණමින් යනවා. එය සෙලන්දිවා කියන සමාගම හරහා එය මේ අයට තිබෙනා කෑදර කමට කරන වැඩක්. එය අපි තදින් හෙළා දකිනවා. එය අපේ ඉදිරි පරම්පරාවට කරනා ද්‍රෝහිකමක්. එය ලබා දෙන්නේ 99 බද්දකට. එහිදී මුණුපුරන්ගේත් මුණුපුරන්ට මේවා දකින්න නොලැබී යනවා.
අද ගොවියා වැටී සිටින තත්ත්වය ගැන පොදුවේ කම්පා වෙනවා. ආණ්ඩුව එකවරම පොහොර ප‍්‍රශ්නයක් ඇති කරලා. රසායනික පොහොර හුරුවූ ගොවියා එක වරම කාබනික පොහොර හුරු කරන්න යනවා. එය රජය උත්සාහ කරන්නේ පොහොර ස`දහා යන මුදල වංචා කරන්න සූදානම් වෙනවා. රජය ආරම්භ කරේ පොහොර නිකම් දෙනවා කියලා. නමුත් දැන් මිනිස්සුන්ට බත් කන්න තිබෙන අවස්ථාව නැති කරමින් යනවා. ආණ්ඩුව සියල්ල නැති කිරීමේ ක‍්‍රියාදාමයකට යන බවත් මේ වෙනුවෙන් පක්ෂයක් විදියට අපි පෙනී සිටිනවා. කිසිම පියවරක් පසු පසට ගන්නේ නෑ.
පසුගියදා අපි දැක්කා එක්ස්ප‍්‍රස් පර්ල් නැව, එය කොහෙවත් යන කුණු ගොඩක්. අනිත් රටවල් ප‍්‍රතික්ෂේප කරපු නැවක් ගෙනල්ලා අපේ රටේ මුහුද විනාශ කළා. එහි දෝෂ තිබෙන බව කියද්දී අපේ වරාය ළ`ගට ගෙන්වා. එය යම් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවටයි. එහි සිදු වූ හානිය රටේ පොඩි දරුවාත් දන්නවා. අපිට මේ වෙලාවේ වන්දියක් ලැබෙනවා නම් කමක් නෑ කියපු ඇමැතිවරුත් සිටියා. නමුත් සිදුවූ හානිය වසර ගාණකින් පියවන්න බැහැ. එයින් මුහුදේ සියලූ සම්පත් විනාශ වුණා. රජයේ පිළිතුරු වලින් පෙනී යනවා අවශ්‍ය පියවර ගත්තේ නැහැ කියලා. මේ සියලූ විනාශන් හා ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා.
මෙහිදී මාධ්‍යවේදීයකු විමසා සිටියේ සමගි ජන බලවේගය තුළ ප‍්‍රශ්නයක් ගොඩනැගී ඇත්ද යන්නයි. ඊට පිළිතුරු දුන් සමගි ජන බලවේග සභාපතිවරයා –
සමගි ජන බලවේගය තුළ කිසිම ප‍්‍රශ්නයක් නැහැ. ආණ්ඩුව කැමැති ඇති ප‍්‍රශ්න ඇතිවෙනවා නම්. අපේ පක්ෂයේ තනතුරු දරන අය සිටිනවා. ඒ කිසිම කෙනෙක් අතරෙ ප‍්‍රශ්න නැහැ. අපි ශක්තිමත්ව විපක්ෂය ගෙන යනවා. ආණ්ඩුව අපේ ගැටලූ කතා කරලා වැඩක් නැහැ. ඔවුන් තේරුම්ගත යුත්තේ ආණ්ඩුව තුළ තිබෙන ගැටලූයි.
අකිත පෙරේරා