ගජේන්ද්‍ර කුමාර්ගේ පක්‍ෂය කාටවත් ඡන්දය දෙන්නේ නෑ

85

විකල්ප ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ඡන්ද විමසීමට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණ ( TNPF)  ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටින බව එම පක්ෂයේ නායකයා ප්‍රකාශ කළේය.

පක්ෂ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ තම පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාම මේ තීරණයේ සිටින බවයි.

දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට දකුණේ සිංහල ජාතික නායකයන්ට කිසිදු වුවමනාවක් නොමැති බව ගතවූ කාලයේ දක්නට ලැබුණු බවද මේ අවස්ථාවේදී ඔවුන් එසේ කරන බවට විශ්වාසයක් ගොඩනැඟී නොමැති නිසා තම පක්ෂය මේ තීරණය ගත් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා පුද්ගලයන් කීපදෙනකුම ඉදිරිපත් වුවත් ඔවුන්ගේ න්‍යාය පත්‍රය එකම අරමුණක් ඔස්සේ ගමන් කරන බව ඉතාම පැහැදිලි බවත් ඒ කිසිවකුගෙන් දෙමළ ජනයාට හෝ දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට නිවැරදි උත්තරයක් නොලැබෙන නිසා කවරෙකුටවත් පක්ෂයෙන් ඡන්දය ලබා නොදෙන බවත් ඔහු පැවසීය.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment