ගණේමුල්ලේ සංජීවගේ කුඩු ජාලයේ ලොක්කෙක් කෝටියක බඩුත් එක්ක මාට්ටු

340

පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රධාන පෙළේ පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු රුපියල් කෝටියකට අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් රාගම ප්‍රදේශයේදී ඊයේ (16 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ගණේමුල්ලේ සංජීවගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියා වන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින දිප්පිටිගොඩ ලහිරු නැමැත්තා විසින් මෙරටට එවනු ලබන හෙරොයින් තොගපිටින් අලෙවි කිරීමේ ජාවාරම මොහු විසින් සිදුකර ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

රාගම කැන්දලියැද්දපාලුව ගල්වලවත්ත ප්‍රදේශයේ නිවසක සැඟවී සිටි 33 හැවිරිදි මෙම ජාවාරම්කරු සතුව හෙරොයින් ග්‍රෑම් 538ක් තිබී ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත විමර්ශන පැවැත්වෙයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදී ඇත.

හේමන්ත රන්දුණු


advertistmentadvertistment