ගණේමුල්ලේ සංජීව බූස්සට යැවීමට නියෝග

0

දැනට වීරඟුල පොලිසියේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ලේ සංජිව මෙම මස 24දා තෙක් බූස්ස බන්ධනාගාරයේ රඳවා තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය ඊයේ (10දා) නියෝග කළාය.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගි කරගෙන නේපාලයේ කත්මන්දු නුවර සිට මෙරටට පැමිණීමේදී ඉකුත් වසරේ සැප්තැම්බර් 13දා කටුනායක ගුවන්තොටුපළේදී ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට පත්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගණේමුල්ලේ සංජීව දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට උසාවියෙන් පොලිසියට අවසර ලැබී තිබුණි.
කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment