ගනේමුල්ලේ සංජීව මුදා ගන්න හිටපු ඇමැතිගෙන් පොලිසියට බලපෑම්

5050

අත්අඩංගුවට ගෙන වීරගුල පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නමැත්තා බේරා ගැනීම සඳහා ගම්පහ හිටපු ඇමැතිවරයකු උසස් පොලිස් නිලධාරීන්ට බලපෑම් එල්ල කර ඇති බව වාර්තා වෙයි.

මෙම හිටපු ඇමැතිවරයා ගනේමුල්ල සංජීව සමඟ සමීප සබඳතා පැවැත්වූ අයකු බවත් ඒ සම්බන්ධයෙන් ඉහළට දැනුම් දීමට කටයුතු කරන බවත් පොලිස් නිලධාරීහු පවසති. මේ අතර මෙම හිටපු ඇමැතිවරයාගේ ගෝලයන් දෙදෙනකු ඊයේ (17දා) පෙරවරුවේ වීරගුල පොලිසිය වෙත පැමිණ ගනේමුල්ලේ සංජීව මුණගැසීමට උත්සාහ කරද්දී පොලිසිය විසින් ඔවුන් දෙදෙනා සිය භාරයට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් පවසා ඇත්තේ තමන් සංජීවගේ සුව දුක් බැලීමට පැමිණි බවයි.
හේමන්ත රන්දුණු


advertistmentadvertistment