මට්ටක්කුලිය ප‍්‍රදේශයේ කාන්තාවක ඝාතනය කර සිරුර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප‍්‍රදේශයේ කසළ ගොඩකට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අඹු සැමි යුවළ පැය 48 ක් රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට මහර අධිකරණය පොලිසියට ඊයේ (07 දා) අවසර ලබාදී ඇත.

මෙම ඝාතන සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු වන නවුෂාඞ් නමැත්තා මේ වනවිට අතුරුදන්ව ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කැලණිය කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශන පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සහ නවුෂාඞ් නමැතැත්තා මට්ටකුලිය කාන්තාව සතුව තිබූ රුපියල් ලක්‍ෂ ගණනක් වටිනා රන් ආභරණ සහ මුදල් ලබා ගැනීමේ අරමුණෙන් ඇය ඝාතනය කරන්නට ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
කැලණිය අපරාධ කොට්ඨාසය මගින් මෙම ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවළ කාන්තා මළ සිරුර රැුගෙන යෑමට යොදාගත් ලොරිය සහ ත‍්‍රිරෝද රථය ද සොයාගෙන ඇත.
කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය සහ සපුගස්කන්ද පොලිසිය මූලික විමර්ශන පැවැත් වූහ.
හේමන්ත රන්දුණු