ගම්පහ තම්මිට ප්‍රදේශයේදී අද රාත්‍රී කාලයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර තවත් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් ඇත.වෙඩි වැදී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකුටය.ඔහු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.පොලීසිය සඳහන් කළේ ඔහු උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවය.