ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!

519

ගම්පහ නොනිදන නගරයක් ලෙස පෙරළිකාර සංවර්ධනයක් කරන බවට, ඇතැම් දේශපාලනඥයෝ ඉකුත් මැතිවරණ වේදිකාවල කෑ මොර ගැසූහ. ජනතාවගේ කරපිටින් දැන් දියවන්නාව ඔවුන් තරණය කර හමාරය. දුන් පොරොන්දු…. කළ කී දේ…… ඔවුන්ට දැන් අමතකව ගියා සේය. දැන්

ගම්පහ නගරය රාති‍්‍ර හත (7) වන්නටත් පෙරාතුව නින්දට වැටිලාය. රාති‍්‍ර එකොළහ (11)ටත් බස්රථ ධාවනය වූ ගම්පහ නගරය මධ්‍යයේ පිහිටි බස්රථ නැවතුම්පළවල්වලින් රාතී‍්‍ර හත පමණ විටත් බස් ධාවන කටයුතු නොකෙරේ.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!

කොවිඞ් වසංගතය කළ හදියක් යැයි ඇතැමුන් මේ තත්ත්වයන් විග‍්‍රහ කළත්, ගම්පහ වළපල්ලට යන්නේ තවත් බොහෝ කරුණු කාරණා මුල් කරගෙන බවට ද ඇතැම්හු මත දක්වති. පෙරේදා (31 දා) අපි ගම්පහ නගරය පුරා සංචාරය කරමින් නගරයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසීමක් කළෙමු.

ගම්පහ ගුවන් පාලම යට පිහිටි දුම්රිය ගේට්ටුව ඉදිරිපිටදී, ජීවිතය පරදුවට තබන පිරිස් අපි දුටුවෙමු. දුම්රිය ගේට්ටුව වසා ඇත. පාසල් සහ පෞද්ගලික පංති කරා යන දරුවන් ඇතුළු ලොකු කුඩා බහුතරයක් දෙනා වැසූ දුම්රිය ගේට්ටුව හරහා පාර මාරු වෙති. දුම්රිය නළාවේ ශබ්දය හා දුම්රිය ඇසෙන පෙනෙන මානයේදීය. ඒ අයට තම ජීවිතය නොවටිනා ගානය.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!
දස අවුරුදු සැලැස්මක් යටතේ නගරයේ අඩුපාඩු සපුරාලනවා – නගරාධිපති  එරංග සේනානායක

ගුවන් පාලම යට ති‍්‍රරෝද රථ නැවතුමේ රියැදුරු ගයාන් කාංචන මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය. මම මෙතන ති‍්‍රවිලර් පාර්ක් එකේ අවුරුදු ගණනාවක් ඉන්න කෙනෙක්. අයියෝ… වයස් භේදයක් නෑ. දැන් ඉන්න සමහරුන්ට පුදුම හදිසියක් තියෙන්නේ. කෝච්චිය පෙනි පෙනී ගෙට්ටුව වහලා තියෙද්දී පාර පනිනවා. මේ ළඟදී ආච්චිඅම්මා කෙනෙක් ගේට්ටුව වහලා තියෙද්දී පාර මාරු වෙන්න ගිහින් කෝච්චියට බිලිවුණා. ආයේ දවසක් ඒත් ගේට්ටුව වහලා පිරිමි දරුවෙක් ෆෝන් එක බල බලා ගේට්ටුව පැත්තට ගියා. ඔහු දුම්රියෙ ගැටුණා. කෑලි තුනකට කැඩිලා සිරුර වැටිලා තිබුණා. පාසල් ගිය රතුපස්වල දරුවෙක් කියලා තමයි ආරංචි වුණේ. වාහන අනන්ත දානවා. ඇත්තටම නීතිය කි‍්‍රයාත්මක කරනවා හැරෙන්න වෙන කළ හැකි දෙයක් නෑ මේ අයට.

ති‍්‍රරෝද රථ රියැදුරු අජිත් ප‍්‍රසංග මහතා –

ගම්පහ නගරයේ අනිත් අය නම් අපි දන්නෑ. මේ පාර්ක් එකේ අපිට හොඳට හයර් තියෙනවා. වෙනදාට වඩා රුපියල් හාර පන්සීයක් වැඩියෙන් යනවා තෙල් වියදම. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. හැමදේ මිල වැඩියි. ඒ නිසා වියදම වැඩියි. මේ යන ක‍්‍රමය අනුව හෙට ජීවත් වෙන්න හෙට හොයාගන්න ඕනි.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!
ජලයෙන් යටවන ගම්පහ නගරයේ දසුනක්

බස් නැවතුම්පළ අසල කේ. ඩබ්ලිව්. වීරරත්න මහතා (ව්‍යාපාරික) –

මොනවාද මේ අය කරන මේ විකාර වැඩ. මාධ්‍ය තුළින් කෑමොර දෙනවා කොරෝනා ආයෙ රටේ වැඩි වෙලා කියලා. මිනිසුන්ට පරිස්සම් වෙන්නලූ. ගිය සති අන්තයේ (29 සහ 30) ගම්පහ නගර සභා පිටියේ කානිවල් දමලා නටපු

නාඩගමක් මුළු රටටම සජීවීව පෙන්නුවා. එතන තිබුණ ද උන්න අයගේ මීටරයේ පරතරය.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!
දුම්රියපළේ සිටින යාචකයින් පිරිසක්

ගම්පහට කොරෝනා වපුරන කාලය වැඩි ඈතක් නැහැ. අපි කොහොමද කඩ කරන්නේ. ඔය වතුර කරාමය තිබුණට එන්නේ ටිකයි. ඒ ටිකත් සමහරදාට දවල් වෙන කොට නෑ. ජල හා ජලාපවහන මණ්ඩලයෙන් තමයි වතුර සැපයුම. රෝල්ස් එකක් රුපියල් තිහට වික්කේ. දැන් හැටයි. අනිත් කෑමවල මිල අධිකයි. කන්න බොන්න වියදම් කරන්න දැන් මිනිසුන්ට සල්ලි නෑ. පිටස්තර අය වෙළෙඳසල් ඉදිරිපිට වාහන නවත්වනවා. පිවිසුම් ඇහිරිලා. කඩ කුලී අය කළාට අපිට පහසුකම් නෑ. ඇත්තටම නිකං ගෙදර ඉන්න බැරිකමට මේ කඩ කරනවා. සල්ලිත් නෑ. ගෙදර ඉන්නත් බෑ.

සරත් මංගල බාලසූරිය මහතා (ව්‍යාපාරික) –

ගම්පහ නගරයට යාචක ප‍්‍රශ්නයක් තිබෙනවා. බස්රථ නැවතුම, දුම්රියපළ, රෝහල අසල මේ අය ඉන්නවා. සුනඛයෙක් සමග කාන්තාවක් ඒ අය අතර ඉන්නවා. දානමාන ලෙස බොහෝ අය ගෙනත් දෙන බත් පාර්සල් ඒ අය විකුණනවා. නගරයේ ඒවා ගන්නත් පිරිසක් ඉන්නවා. නගරාධිපතිවරයාගේ අවධානය මේ

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!

ගැන යොමු වුණා. පුනරුත්ථාපනය කළා. එතුමාගේ අතින් මුදල් දීලා පිටත් කළා. නමුත් ආපසු එනවා. මේ අය කොරෝනා එන්නත් ලබාගෙනත් නැහැ.

පෞද්ගලික බස්රථ රියැදුරු ශාන්ත මහතා –

බස් නැවතුමේ වැසිකිළි කැසිකිළි ගියොත් වරකට රුපියල් 15/=ක් ගෙවන්න ඕනි. බස්රථ නැවතුම් ගාස්තුව රුපියල් 50/=ක් දවසට ගෙවනවා. අඩුම ගානේ වතුර ටිකක් බොන්න ටැප් එකක්වත් නෑ. මගීන්ට වුණත් එහෙම තමයි. අපේ ප‍්‍රශ්න… දුක ඕවා කිව්වට විසඳුමක් නැහැ. වැහිදාට තෙමෙනවා මේ බස් ස්ටැන්ඞ් එක. බලන්නකෝ රේල් පාරයි බස් නැවතුමේ පිටුපස බිත්තියයි අතර තියෙන ප්ලාස්ටික් බෝතල් කන්ද. ඩෙංගු පුරයක් තමයි මේ.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා: ප. ව. 7 වනකොට ගම්පහ අද නිදන නගරයක්!
ඉවත දමන ප්ලාස්ටික් බෝතල් දමා ඇති අයුරු

ලංගම වේලාසටහන්කරු අනගිරත්න මහතා –

ඇත්තටම ප.ව. හයෙන් පසුව ලංගම බස්රථත් පෞද්ගලික බස්රථත් ධාවනය අඩු වෙනවා. ලංගම බස්රථ අඩුවක් තිබෙනවා. ඒකට බලපාන කරුණු කීපයක්ම තිබෙනවා. ප‍්‍රධාන ඩියුටි ටික කරපුවහම සෙසු ධාවන අත්හිටු වෙනවා. සේවක හිඟයකුත් තියෙනවා. කොරෝනා ප‍්‍රශ්නයත් එහෙමයි.

ගම්පහ ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයෝ ඉන්නවා. අක්කර හත අටක විශාල යාඞ් එකක් තියෙන්නේ. එකපාර බස් හත අටක් අලූත්වැඩියා කරන්න හැකි ‘වළවල්’ තිබෙනවා. බස් හදන්න ජොබ් දැම්මට හදන්නෑ. ඇතුලේ කඩාකප්පල්කාරි වැඩ සිද්ධ වෙනවා. ඉකුත් 27 වැනිදා මාර්ග අංක 205 දවල් පාසල් ළමුන් ගොඩක් ගිය බස් රථයක් කිනිගම පන්සල ගාවදී ගිනි ගත්තා. මෙතන නවත්වලා තියෙද්දීත් ස්ටාට් එකේ තමයි බස් එක තිබුණේ. බලන්න මේ ටයිම් කීපර් කූඩුව. ඉඳගන්න බෑ. පුටු කැඩිලා. වටේ දැල් කැඩිලා. දොර වහන්න බෑ. වැස්සට තෙමෙනවා. මාර්ග අංක 818 කඩවත – ගම්පහ, 331 බැලූම්මහර බස්රථ ධාවනය කරන්නැහැ.

රුපා මුදුන්කොටුව මහත්මිය-

කලින් මාකට් එකේ පේමන්ට් එකේ බුලත් වෙළඳාම කළා. කැඩුවට පසුව තමයි මෙතන තාවකාලිකව හදාගත්තේ. කලින් මහ නගර සභාවට දවසට රුපියල් 150/=ක් ගෙව්වා. දැන්නම් රුපියල් 100/=ක් අයකරනවා. අවුරුදු 15ක් විතර ඉඳලම බුලත් වෙළඳාම කරලා තමයි අපි හයදෙනෙක් ජීවත් වෙන්නේ. දරුවෝ තවම ඉගෙනගන්නවා. අලූතින් මාකට් එක හදලා ඉවර වුණාම අපිටත් සාධාරණයක් නගරාධිපතිතුමා කරයි කියලා තමයි මගේ බලාපොරොත්තුව.

පී. ඞී. පේ‍්‍රමතිලක මහතා –

තැඹිලි විකුණන මම අවුරුදු හතළිහක් තිස්සේ ඉඳලා තමයි තැනක් ඉල්ලන්නේ. අලූත් තැන හැදුවට පසුව හරි අපිට තැනක් දෙයි කියලා බලං ඉන්නේ. වෙළඳාම සියයට පනහක්ම බැහැලා.

ඩබ්ලිව්. ඒ. පද්මා මහත්මිය –

කඩපු පරණ මාකට් එක පටන් ගත්තේ 1972 වර්ෂයේ. 1973 ඉඳලම මම ඉන්නවා. අලූතෙන් හදන තාවකාලික කඩ දෙන්නම් කීවා. තවම ලැබුණේ නෑ.

කුමාරතුංග මාවත අතුල මහතා –

බලන්නකෝ ඔය බෝඞ් එක ගිය ආණ්ඩුවේ වැඩක්. මෙතන නාගරික උද්‍යානය හදන්න රුපියල් ලක්ෂ 37ක් වෙන් කළා කියලනේ බෝඞ් ගහල තියෙන්නේ. අපරාදේ මහජන මුදල්. මෙතන ගෘහස්ථ කී‍්‍රඩාංගණයක් හදන්න වැඩ ආරම්භ කළා. නමුත් කරගන්න බැරි වුණා. දැන් මේ අය

නගරයේ කුණු මෙතනට ගෙනත් දානවා. මෙතන තමයි කුණු පාර්ක් කරන්නේ. මෙතනින් කොහෙට හරි අදිනවා. කුණු ගඳයි මැස්සොයි මේ අවට හැමදෙනාටම ප‍්‍රශ්න. මේ ළඟදී ඩෙංගු කියලා ගෙවල්වලට ඇවිත් මිදුල්වල හට්ටි, මුට්ටි, ටින්වල ඩෙංගු හොයනවා. මෙතන කුණු ගොඩ ගහලා පළාතටම විෂබිජ පතුරෝනවා. ඒවා බලන්න කවුරුවත් නෑ. නාගරික උද්‍යානය වල්බිහි වෙලා. කානු සුද්ධ කරන්නෑ. වන වැදිලා. කියන්න තියෙන්නේ කෙටියෙන් මේ ටිකයි. වරෙල්ලා බලපල්ලා හරිම ලස්සනයි ගම්පහ. එහෙම කියලා අපි හිත හදා ගමු.

චන්ද්‍රනාත් කුමාරසිංහ මහතා –

‘‘ගම්පහ නගරය නිරන්තරයෙන් ජලයෙන් යටවීමට බලපෑ ප‍්‍රධාන කරුණු’’ යනුවෙන් පිංතූර සහ සිතියම් සහිත පොත් පිංචක් ගම්පහ දිස්ති‍්‍රක් නායක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතාට

පිළිගැන්වූවා. අත්නගලූඔය ගම්පහ නගර ආසන්නයෙන් ගලා බසිද්දී මීරිගම, වේයන්ගොඩ, බෙම්මුල්ල හරහා විශාල ජල කඳක් රැුගෙන පැමිණ දීගල්ඔය සමග දාරළුව සහ ගම්පහ වෙල්යාය අතර මැදදී එකතු වෙනවා. අනෙක් පසින් දුනුමාල, අල්ගම, ඌරාපොල, කහට ඕවිට ප‍්‍රදේශ හරහා යක්කල ආයුර්වේද රෝහල අසලින් අත්තනගලූ ඔයට විශාල ජල කඳක් රැුගෙන ගම්පහ නගර මධ්‍යට ආසන්න කුඹුරු යාය මැදදී, දීගල්ඔය සමග එකතු වෙනවා. ගම්පහ –

මිනුවන්ගොඩ පරණ පාර හා ගුවන් පාලමට සම්බන්ධ වන නව මාර්ගය යටින් පහළඅකරවිට ප‍්‍රදේශයට ගලා බසින්නේ මේ වතුර කඳයි. සෑම අවුරුද්දකම නිරිතදිග මෝසම සක‍්‍රිය වන අතර මැයි මාසයේදී අත්තනගලූඔය පිටාර ගලනවා. 2010 වසරේදී ගම්පහ නගරය (ගුවන් පාලම) සම්බන්ධ කර අස්ගිරිය වයි හන්දිය දක්වා මාර්ගය ඉදිකිරීම නිසා බැම්මක් බැන්දා වගේ ජලය හරස් වුණා. මේ තත්ත්වය මත තමයි නගරයට ජලගැල්ම හා යටවීම පහසු වුණේ. මේ තත්ත්වයන්ට දැන්වත් විසඳුම් සෙවිය යුතුයි. බාලගිරි නොවිය යුතුයි.

ලසිත උදය කුමාර මහතා (ගොවි සංවිධාන සභාපති) –

බණ්ඩාරනායක විදුහල ඉදිරිපිට කුඹුරු යායෙ කොටසක් පුරන් වුණා. කොටසක් අපි වැඩ කරනවා. රෝහල් අපද්‍රව්‍ය මේ කුඹුරු යායේ කොටසකට වසර ගණනාවක් තිස්සේ නිදහසේ ගලාගෙන ආවා. යාය පුරන් වීමට ඒකත් කරුණක් වුණා. යහපාලන රජය යටතේ 2017 දී මේ කුඹුරුයාය නාගරික සංවර්ධන අධිකාරිය සියත උයන ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබුවා. කුඹුරුයාය මැද අක්කර හතක (7) විතර ලොකු වළක් හාරලා තිබෙනවා. මාස හයක් තිස්සේ රුපියල් කෝටි 15ක් වැය කරලා තව එක පැත්තක් ගොඩ කරලා තිබෙනවා. ඇවිදින මංතීරුවක්, සංචාරක කලාප ව්‍යාපෘතියක් කරන්න හැදුවා. නමුත් කරපු දෙයක් නෑ. දැන් ගම්පහ අධිවේගී මාර්ග පිවිසුම මේ හාරපු වළට උඩින් හදන්න හදන්නේ. ප‍්‍රදේශයේ වැහි වතුර බැහැලා

ගියේ මේ වෙල්යායට. මේ තත්ත්වය තේරුම් නොගෙන කටයුතු තවත් කරන්න හදනවා නම්

ගම්පහ ගංවතුරින් යටවීම වළක්වා ගන්න බැහැ.

ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමයේ සභාපති දේශමාන්‍ය ආචාර්ය සුසාන් ඞී. කුමරප්පෙරුම මහතා ද මෙසේ පැවසීය.

ලයනල් ගුණවර්ධන හිටපු ඇමැතිතුමා මූලික වී ගම්පහ රෝහලේ සත්මහල් ගොඩනැඟිල්ල ඉදිකළා. තාමත් ගම්පහ රෝහල මධ්‍යම රජයට පවරාගෙන ඉතිරි සංවර්ධන කටයුතු කරගන්න බැරි වෙලා තිබෙනවා.

ගම්පහට තිබෙන ලොකුම වස්තූන් තමයි

ගම්පහ රෝහල සහ අධිකරණ සංකීර්ණය, මහරට නව අධිකරණයක් හැදුවා. ගම්පහ අධිකරණ බල ප‍්‍රදේශය ඉන් පටු වුණා. දැන් වැඩි පිරිසක් ගම්පහට එන්නෑ. අධිකරණය ආශි‍්‍රතව අවට තිබූ පුළුල් ව්‍යාපාර ජාලය කඩා වැටීමක් සිද්ධ වුණා. පසුව ප‍්‍රවාහන පද්ධතිය කඩා වැටුණා. ගම්පහ තානායම රජය සතුයි. අද නිසි ප‍්‍රයෝජනයක් ගන්නැති තැනට පත් වෙලා. නමට පමණයි.

ගම්පහ නොනිදන නගරයක් හදනවා කීවා. ප.ව. 7.00 වෙනකොට දැන් ගම්පහ නිදන

නගරයක්, මේ තත්ත්වයට ගම්පහ දිස්ති‍්‍රක්කයේම දේශපාලනඥයින් වගකිය යුතුයි. අපි මීට වඩා දෙයක් කතා නොකර ඉමු.

ගම්පහ මහ නගරාධිපති එරංග සේනානායක මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය.

පොදු වෙළෙඳපොළ සංකීර්ණය අදියර දෙකක් යටතේ ඉදිකරනවා. වැඩ දැනටමත් ආරම්භ කර තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මූලික අදියර සඳහා රුපියල් කෝටි දාහතරක් වෙන්කර තිබෙනවා. කඩ දීම නොදීම ගැන එක් එක් කෙනාට නොයෙක් දේවල් කියන්න හැකියි. අපි කි‍්‍රයා කරන්නේ නෛතික රාමුව තුළයි. ගොඩක් අයට හිමිකමක් නැහැ. මාකට් එකේ හිටපු ගොඩක් අය ඉන්නේ අනුන්ගේ කඩවල. කොච්චර කාලයක් හිටියත් වැඩක් නැහැ. නෛතික අයිතියක් නැතිව. ඔය ප‍්‍රශ්න තමයි භාගෙට භාගයක් තියෙන්නේ. කඩ එකසිය ගණනකින් නීත්‍යනුකූල අයිතිය තිබුණේ හතළිස් දෙදෙනකුට (42) පමණයි. නිලධාරීන්ට දොස් කියලා වැඩක් නෑ. අයිතියක් නැතිව. මානුෂිකව සලකා බලා තාවකාලිකව ඉදිකරන ලද ගොඩනැඟිල්ලේ කඩ ලබා දුන්නා. තවත් දෙනවා. විදුලිය හා සෙසු පහසුකම් ඉක්මනට සලසා දෙනවා.

මාකට් එකේ සහ මාළු මාකට් එකේ තමයි අපිට ප‍්‍රශ්න මතු වෙලා තියෙන්නේ. අවුරුදු දහයක් ඇතුළත අපි නගර සංවර්ධන කටයුතු සිදුකරලා තිබෙනවා. 2010න් පසුව නගර සැලැස්මක් හදලා ඒ අනුව අනුමැතිය දෙනවා. මේ වෙනකොට කොළඹ පාරට බැංකු ටික ගෙනිගිහින් තියෙනවා. රේල් පාරෙන් එහා පැත්ත අධ්‍යාපන කලාපය, හරිත නගර සංකල්පය යටතේ ගස් තුන්සියයක් දැනට තිබෙනවා. මේ නගරයට එන්නේ ගොඩක් පරිපාලන කටයුතු කරගන්නයි.

ඔබතුමාට දැන්වත් ස්ථිර නගර සැලැස්මක් තිබෙනවාද? අපි නගරාධිපතිගෙන් විමසුවෙමු.

ඔව්. ව්‍යාපෘති දෙකක් දැනටමත් කි‍්‍රයාත්මකයි. එකක් මාකට් එක. අනික මඩමවත්තේ ගෘහස්ථ කී‍්‍රඩාංගණය එතන නාගරි කී‍්‍රඩාංගණය, ගෘහස්ථ කී‍්‍රඩාංගණය සහ අභිනව නිවාස සංකීර්ණයකුත් හදනවා. මේ නගරය තුළ ජනතාවගේ වරිපනම් බදුවලින් කඩ හදපු එක විතරයි කරලා තියෙන්නේ. ඒක මම වෙනස් කළා. අවුරුදු ගානක් බස් නැවතුම්පළ බාගෙට හදලා විවෘත කරගන්න බැරිවුණා. ඒකෙ වැඩ අවසන් කරලා විවෘත කළා. දුම්රියපළ නවීකරණය කරලා එහි සේවක නිවස්න හදලා දුන්නා. නගරය අලංකාර කටයුතු කරනවා. අවිධිමත් නගරයක් පිළිවෙළින් විධිමත් කරනවා. අපිට චෝදනා කරන්න කලින් එදා නගරය තිබුණු විදිහ ගැනත් හිතන්න. ලයිට් එකක්වත් හරියට ටවුමේ තිබුණේ නෑ එදා. දස අවුරුදු සැලැස්මක් යටතේ මේ සැලසුම් කි‍්‍රයාත්මක කරනවා. ඉදිරියේදී කවුරු නගරාධිපති වුණත් මෙම සැලැස්ම කි‍්‍රයාත්මක කරන්න තමයි හදලා තියෙන්නේ.

නිමල් දයාරත්න, ගම්පහ – සුසිල් රණමුක,
ගම්පහ අධිකරණ – වින්සන් පලිහවඩන
පිංතූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment