ගම්පහ පාසලක වැස්සට  තෙමි තෙමී සා. පෙළ ලිවීම ගැන පරීක්ෂණයක්

212

ගම්පහ අධ්‍යාපන කලාපයේ විභාග ශාලාවක් වැස්සට හසුවීමෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසුන්ට දුෂ්කරතා මැද විභාගයට පෙනී සිටීමට සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් සිදුකරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

වැස්සෙන් තෙමෙන ගොඩනැඟිල්ලක් විභාග ශාලාවක් ලෙස තෝරා ගැනීමත්, වැසි සහිත අවස්ථාවකදී ඒ සම්බන්ධයෙන් ක්‍ෂණික පියවර නොගැනීමත් මේ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවට වාර්තා කර උපදෙස් ලබා නොගැනීමත් යන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර නිසි පියවර ගන්නා ලෙසටත් මතුවට මෙවැනි අවස්ථා ඇති නොවීමට පියවර ගන්නා ලෙසටත් උපදෙස් දී තිබේ. දුෂ්කරතාවට පත් වූ විභාග අපේක්ෂකයන්ට එම අවස්ථාවේදීම සහනයක් ලබාදී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අනුර බාලසූරිය, චමින්ද සිල්වා


advertistmentadvertistment