ගම්පොළ නගරයේ පිහිටි දුම්රිය බිංගෙය තුළ හා නිදහස් මාවතේ රැඳී සිටි පාසල් පෙම්වතුන් විසි දෙදෙනකු පොලිස් භාරයට ගෙන තිබේ. එම මොහොතේම ගම්පොල බස් නැවතුමේ සිටිමින් අනාචාරයේ හැසිරෙන කාන්තාවන් සිව් දෙනෙකු ද ගම්පොල පොලිසිය 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පාසල් පෙම්වතුන් හා පෙම්වතියන් උපකාර පන්තිවලට යන මුවාවෙන් පැමිණ මෙසේ තැන් තැන්වල අසෝබන අයුරින් හැසිරෙන පිරිස් බව බුද්ධි තොරතුරුවලින් අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙම සියලු පෙම්වතුන් පොලිසිය වෙත රැගෙන විත් ඔවුන්ගේ දෙමවුපියන් කැඳවා දැඩි ලෙස අවවාද කර එම දරුවන් දෙමව්පියන්ට භාරදීමට පියවර ගනු ලැබීය.
මේ අතර අත්අඩංගුවට ගත් ගණිකා සේවයේ යෙදුණු කාන්තාවන් ඊයේ (24 දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණි. මොවුන් අතර පොලිසිය හට සිව්වන වතාවටත් හසුවූ දෙදෙනකු සිටි අතර ඔවුන්ට වෛද්‍ය වාර්තා කැඳවීමට පියවර ගෙන ඇත.
ගම්පොළ -සුරංග දිල්හාන්