ගම්මන්පිලට එරෙහි සජබ විශ්වාසභංගය 22 දා කථානායකට

119

බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා සම්බන්ධ විශ්වාසභංග යෝජනාව ලබන අඟහරුවාදා (22දා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාට භාරදෙන බව විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක සමගි ජනබලවේගයෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

මේ වනවිට විපක්ෂයේ මන්තී‍්‍රවරුන් තිහකට වැඩි පිරිසක් විශ්වාසභංග යෝජනාවට අත්සන් කර ඇති බව පැවසූ ඒ මහතා විශ්වාසභංග යෝජනාවක් භාරදීමට අවශ්‍ය වන්නේ මන්තී‍්‍රවරුන් විසිදෙනකුගේ අත්සන් පමණක් බවත් සඳහන් කළේය.

කථානායකවරයා විසින් විශ්වාසභංග යෝජනාව භාරගත් පසු එය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වන බවත් එතැන් පටන් දින පහකට පසු එළඹෙන පාර්ලිමේන්තු දිනයකදී පක්ෂ නායකයන්ගේ කැමැත්ත මත එය විවාදයට ගැනීමට දිනයක් ලබාගත හැකි බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment