ගම්මිරිස් කැඩූ ආච්චි කොස් ගසෙන් වැටී නසී

507

කොස් ගසකට නැග ගම්මිරිස් කඩමින් සිටි කාන්තාවක් ඊයේ (01) සවස එම ගසෙන් වැටී මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ දඹගල්ල ගංගොඩඅරාව පදිංචි ඩීගඑම් බේබිනෝනා නැමති 60 හැවිරිදි දෙදරු මවකි.
ඇය කොස් ගසට නැඟ අත්තක වාඩිවී ගම්මිරිස් කඩමින් සිටියදී ඉන් බිමට වැටී ඇත.
සිද්ධියවූ ස්ථානයේදීම ඇය මියගොස් සිටි බව දඹගල්ල පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.


advertistmentadvertistment