ගම් රැසක ජනතාවට, රුවන්වැල්ල නගරයට පිවිසීම සඳහා කැලණි ගඟ හරහා ඉදිකර ඇති වැල් පාලම මේ වනවිට අබලන්වෙමින් පැවතීම නිසා ජීවිත අවදානමක් උද්ගත වී තිබේ.
අඩි 550 ක් පමණ දිගින් යුතු මෙම පාලම මෙරට වැඩිම දිගින් යුතු වැල් පාලම ලෙස සැලකෙන අතර සබරගමුව පළාත් සභාව මගින් එය ඉදිකර 2007 අපේ‍්‍රල් මාසයේදී ජනතා අයිතියට පත්කර තිබේ. ඒ අනුව කුරුපැත්ත, යාලපිටිය, හල්දොල, කැකිල්ල, තොණ්ඩුවාකන්ද, නිකවලමුල්ල හා දයිගල ආදී ගම් රැුසක ජනතාව රුවන්වැල්ල නගරයට පැමිණීම සඳහා පහසුම මග ලෙස මෙම පාලම ප‍්‍රයෝජනයට ගනිති.
මෙම පාලමේ සමබරතාව ඇති කිරීම සඳහා විශාල ප‍්‍රමාණයේ කේබල් කම්බි දෙකක් කොන්ක‍්‍රීට් කණු දෙකකට සවිකර තිබේ. එසේ තිබියදී එක් කම්බියක් කැඞීයෑම නිසා මෙලෙස අනතුරුදායක හා අනාරක්ෂිත බවක් ඇතිවී තිබේ. ඒ අනුව එකවර කිහිප දෙනකු පාලම මතින් ගමන් කිරීමේදී පැද්දෙන ස්වභාවයක් ගන්නා අතර එය ජීවිත අවදානමකට ද හේතුවක් වී ඇත. එසේම අනෙක් කම්බිය ද කැඞී ගියහොත් පාලමේ ගමන් කිරීම කෙසේවත්ම කළ නොහැකි වන බව ප‍්‍රදේ්ශවාසීහු පවසති.
ජනතාව පවසන්නේ පාලම නොතිබුණා නම් සැතපුම් 12 ක් පමණ දුර ගෙවා නගරයට පැමිණීමට සිදුවන බවය. එසේම පාසල් සිසුන්, රැුකියා සඳහා යන අයවළුන් සේම සාමාන්‍ය ජනතාව ද නගරයට ඒම සඳහා මෙම පාලම උපයෝගී කර ගන්නා බවද ඔවුහු පවසති. පාලම ඉදිකිරීමට පෙර ඔරුවකින් එගොඩ මෙගොඩ ගියත් ගංවතුර කාලයට සැඩපහර හේතුවෙන් එය කළ නොහැකිවීම නිසා විවිධ දුක්ගැහැටවලට ඔවුහු මුහුණ පා සිටිතිි.
රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති මංජුල නවරත්න මහතා, පවසා සිටියේ මේ සම්බන්ධයෙන් සොයාබැලූ බවත් පාලම යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත්ය.
රුවන්වැල්ල – විමලරත්න සමරක්කොඩි