ගල්අඟුරු නැව් දෙකක් මග එයි

143

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගත් නැව් දෙකක් පැමිණෙන බවට ඊයේ (06 දා) තහවුරු කර ඇත. මෙම නැව් දෙක සඳහා මීට පෙර අත්තිකාරම් ලබාදී තිබේ.

මෙම නැව් දෙක ලබන 24 වැනිදා සහ නොවැම්බර් 01 වැනිදා පැමිණෙන බවට විදුලිබල මණ්ඩලයට දැනුම් දී ඇතැයි උසස් නිලධාරියෙක් පැවසීය.

බලාගාරය සතුව මේ මස අවසන් වනතෙක් ගල්අඟුරු සංචිත පවතින බවත් 24 වැනිදා පැමිණෙන නැව මගින් ගල්අඟුරු මෙට්‍රික්‌ටොන් හැටතුන් දහසක්ද නොවැම්බර් මස පැමිණෙන නැව මගින් මෙට්‍රික්‌ටොන් හැටදහසක් රැගෙන එන බවද ඔහු කීය. මේ වනවිට බලාගාරයේ යන්ත්‍ර දෙකක් ක්‍රියාත්මක කර මෙගාවොට් 540 ක් ජාතික පද්ධතියට එක්කර තිබෙන අතර අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුතු සඳහා නතර කළ යන්ත්‍රය ද අලුත්වැඩියා කටයුතු සිදුකර මේ මස මැදදී ජාතික පද්ධතියට එක්කිරීමට බලාගාර ඉංජිනේරුවෝ කටයුතු කරමින් සිටිති. මෙමඟින්ද මෙගාවොට් 270 ක් ජාතික පද්ධතියට එක්කරනු ලබයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment