ගල්මැටියාවේ මියගිය අලි ගැන පරීක්‍ෂණ

188

තඹලගමුව ගල්මැටියාව උතුර ප‍්‍රදේශයේ නිවෙසක් පිටුපස ලඳු කැලෑ ප‍්‍රදේශයේ දී විදුලි සර වැදීමෙන් මිය ගොස් සිටි වන අලින් දෙදෙනකු සොයා ගත් බව තඹලගමුව පොලිසිය පැවසීය.

කන්තලේ වැඩබලන කොට්ඨාස සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතාට ලද නිර්ණාමික දුරකථන ඇමතුමක් අනුව මෙම මළ සිරුරු දෙක සොයා ගෙන ඇත.

අංක 87 ගල්මැටියාව ලිපිනයේ පදිංචි පී.ජී. කිරිබණ්ඩා නමැත්තාගේ නිවස ආසන්නයේ ලඳු කැලෑවක ළඟ ස්ථාන දෙකක වැටී සිටියදී සිරුරු සොයා ගෙන ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගිරිතලේ වන ජීවී පශු වෛද්‍යවරයාට දැනුම් දුන් බවත්, එම පරීක්ෂණයෙන් පසු වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කරන බවත් රෝහණ මහතා පැවසීය.

කන්තලේ -ඩබ්.එම්. වික‍්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment