ගස් වැල්වල සුබ අසුබ භාවනානුයෝගී හිමි නමක් මෙලෙස පවසයි

185

භාවනානුයෝගී ස්වාමීන්වහන්සේ නමක් අප නිවසට නුදුරු ආරාමයක ටික කලක් නතරවී සිටියහ. උන්වහන්සේට නිරන්තරව උපකාර කළේ මගේ එකම සොහොයුරාගේ පවුලේ අයයි. එමෙන්ම උන්වහන්සේ මේ පවුලේ සැමටම කෙටියෙන් නමුදු ඉතා වටිනා උපදෙස් දුන් බව මම දැන සිටියෙමි.

කෘමි නාශකවලින් වැඩි ප‍්‍රමාණයක් පොළවට උරාගන්නා බවත් මේ නිසා අනාගතයේ විශාල ප‍්‍රශ්නයක් මතුවන බවත් දේශනා කළ උන්වහන්සේ වකුගඩු රෝග බහුල වීමට බොහෝ කලකට පෙරම මේ බව කුඩා පොතක් ලියා ප‍්‍රචාරය කළහ.

අප සොහොයුරාගේ නිවස ඉදිරිපිට රතු ඇන්තූරියම් මල් පඳුරු රාශියක් වවා තිබූ අතර නිතර රතුමල් පිපී තිබුණි. මේ ගැන උන්වහන්සේ කිහිපවරක්ම පවසා අවවාද කළේ ගේ ඉදිරිපිට රතු මල් වැවීම අශුභ බවයි. එහෙත් මේ වටිනා ඇන්තූරියම් පඳුරු ටික ඉවත්කිරීමට කිසිවෙකු සූදානම් වූයේ නැත.

‘ඒ ගොල්ලෝ කියන දේ අහන්නෙ නෑ’ උන්වහන්සේ මේ කාරණය පිළිබඳව කියා මා හට අවසන් තීරණය ප‍්‍රකාශ කළේ තරමක කලකිරීමකින් විය හැකිය. මාස තුනකින් පමණ මෙම ස්වාමීන් වහන්සේ පිට පළාතකට වැඩම කළහ. මගේ සොහොයුරාට ඒ දිනවලම වකුගඩු රෝගයක් මතුවිය. වසරක් යෑමටත් පෙර ඔහු අප හැරදමා පරළොව ගියේය. මේ හාමුදුරුවන් කළ අවවාදය නිතර මතකයට නැෙඟන්නේ එබැවිනි.

ගස්-වැල් සියලූ ජීවීන්ගේ අවශ්‍යතාවයකි. පසේ තෙතමනය ආරක්‍ෂා කිරීම, පිරිසිදු වාතය ලබාදීම, සෙවණ ලබාදීම එයින් සිදු වේ. දැව ලබාගත හැකිවීම වෙනමම කාරණයකි. කොස් ගස හා පොල් ගස වැනි ගස්වල ප‍්‍රයෝජන අප‍්‍රමාණය. ගස් වැල් වල සුබා සුබ ගැන පුරාණ වාස්තු විiා ග‍්‍රන්ථවල බොහෝ කරුණු සඳහන් වේ.

බෝසත්වරයකු බුද්ධත්වය ලබන්නේද ගසක් යටදීය. මේ අනුව බුදුරජාණන් වහන්සේගේ ප‍්‍රථම පූජාවට පාත‍්‍ර වූයේද ගසකි. ඒ ජයශී‍්‍ර මහා බෝධිය නම්වූ ඇසතු ගසකි. මෙකල ලෝකයේ පවතින පැරණිම ගසද ජයශී‍්‍ර මහා බෝධිය බව සලකනු ලබන්නේ එම වෘක්‍ෂයේ ඉතිහාසය වසර 2500 දක්වා ලිඛිතව පවතින නිසාය. බෝධි පූජාව ගසකට කරන පූජාවකි. පැරැුන්නන් ගස් කැපුවේද ආවාට ගියාට නොවේ. රුවන්වැලි සෑය සෑදීමට තෝරාගත් භූමියේ ගසක් කැපීමට පෙර ඒ ගසේ අධිගෘහිතව සිටි රත්නමාලි නම් දෙවඟනට වෙනත් ගසකට යන්නැයි ආයාචනා කර තිබේ. ගස් වැල් නැත්නම් කිසිම සත්වයකුගේ පැවැත්මක් නැත.

පරිසරය නිර්මාණය කරගන්නා අන්දම වාස්තු විiාවට අයත් වෙයි. ඒ යටතේ නිවාස තැනීම, ජලාශ තැනීම, ගෘහ භාණ්ඩ සෑදීම මෙන්ම ගස් වැල් රෝපණය කිරීම ගැනද කියැවේ. පුරාණ වාස්තු ුවිiා ග‍්‍රන්ථ වන ‘විශ්වකර්ම ප‍්‍රකාශය’ ‘පලදාවලිය’ ආදී ග‍්‍රන්ථවල සඳහන් වන්නේ ගෙවල් සෑදීමට පෙර ගස් වැවීම කළ යුතු බවයි. නගරයන් නිර්මාණය කරන විටද පළමුව රුක් රෝපණය කර පසුව ගොඩනැඟිලි හා නිවාස ඉදිකළ යුතු බව කියා තිබේ.

එසේ වුවද සමහර ශාක වර්ග මිනිසාට හිතකර නමුදු අහිතර ශාක වර්ගද නැතුවා නොවේ. ගස්වල සුබා සුබත්් ඒවා වගා කළ යුතු ආකාරයන් පුරාණ ග‍්‍රන්ථවල පැහැදිලිව දක්වා තිබේ. රතුමල් ගැන මෙම ලිපිය ආරම්භයේ සිට සඳහන් කරන ලදි. මේ පිළිබඳව පහත කවියේ කියා ඇත.

රතු මල් පිපෙන ගස් දොරකඩ වැවුවොති    නා
සැමකල් පැමිණේය රජ බිය නොසිතු මෙ   නා
වියවුල් කටුගසින් ගව බිය කිිරි ගසි          නා
ඒ ඉඹුල් ගසින් ගෙය බිඳුමද නිවි සොර       නා

මේ අනුව රතුමල් ගස් මෙන්ම කටුගස්ද ඉඹුල් ගස්ද ගේ දොරකඩ වැවීම ඉතා අශුභ බව කියැවේ.

ගස් වැවීම ගැන සෘෂිවරුන් පමණක් නොව බුදුරජාණන් වහන්සේද වර්ණනා කළ සේක. යමෙකු පාරක් අභියස ගස් රෝපණය කර ළිඳක් සෑදීමෙන් දීර්ඝ කාලයක් දෙව්ලොව සැප ලබන බවද සඳහන් වේ.

යමෙකු විසින් එක බෝ ගසක්ද, එක කොහොඹ ගසක්ද නැතහොත් නුග ගසක්ද සියඹලා ගස් දහයක් හෝ දිවුල් බෙළි නෙල්ලි ගස් තුනක් හෝ අඹ ගස් පහක් වැව්වේ නම් ඒ පුද්ගලයා අපාය නොදකින බව ඉසිවරුන්ගේ මතයයි.

ගෙවත්තක පළමුවෙන්ම කොහොඹ, මූනමල්, දොඹ, මාර, සුවඟු, කොස්, කෙසෙල්, ජම්බු, දෙල්, දෙළුම්, මිදි යන ගස් වර්ග සිටුවීම ඉතා සුබ බව කියා තිබේ.

එමෙන්ම ගෙවල් ඉදිරිපිට වැවීමට සුදුසු ගස් වර්ග පිළිබඳව පුරාණ පළදාවලියේ එන මෙම කවිය විස්තර කරයි.

නෙළුම් සමන් මානෙල් සාදික්කා                         ද
දෙළුම් කෙසෙල් සහ සුඳැති වැටකේ                    ද
වැවුම් කළ හොතින් ගෙමිදුලෙහි සිරි ලෙ             ද
නොනිමි සිරි සැපත නිරෝගී බැව් ලබයි       සොඳ

එමෙන්ම ඒ ඒ ගස් වර්ග වැවිය යුතු දිශාද කියා තිබේ. මේ අනුව,

නැගෙනහිරට නුග   ගසද
දකුණට දිඹුල්          ගසද
උතුරට බෙලි          ගසද
බටහිරට ඇසටු        ගසද

සුබ බව කියා ඇත.

එරබඳු, වතුසුදු කතුරු තරම්     බා
එරඹුද එවන කල කපු නිම්       බා
පෙර දෙර ගේ අසල අතිව පුම් බා
සුර රදු හෝ වන් ඉසුරු කලම් බා

යනුවෙන් කියා ඇත.

මෙකල ගස් වවන විට නැකත් බැලීමේ සිරිත අතුරුදන් වෙමින් පවතී. නැකතක් යනුවෙන් අදහස් කරන්නේ හිරු සඳු ඇතුළු ග‍්‍රහ තාරකාවන් නියමිත ස්ථානයක පිහිටි වේලාව සොයා ගැනීමයි. දිවා රාති‍්‍ර පමණක් නොව වර්ෂාව හා නියග ඇති වන්නේද මෙම ග‍්‍රහ පිහිටීම අනුවය. එබැවින් නැකත් අනුව කරන ලද වගා කටයුතුවලින් විශිෂ්ට ප‍්‍රතිඵල අත්කර ගන්නට පැරැුන්නෝ සමත් වූහ. අපේ රට පෙරදිග ධාන්‍යාගාරය වූයේ එබැවිනි. ඒ වෙනුවට මෙකල කෘමි නාශක හා වල් නාශක විෂ රසායන ද්‍රව්‍ය යොදාගනු ලැබේ. ජලය විෂ වීම ඇතුළු ගැටලූ රාශියක් ඇතිවීම එහි ප‍්‍රතිඵලය වී තිබේ.

ගස්වැල් වැවීමට නිර්දේශ කර ඇති පරිදි ගෙඩි ලබා ගැනීමට අපේක්‍ෂාවෙන් සිටුවන ගස් බ‍්‍රහස්පතින්දා දිනවලද අලංකර පොතු සහිත ගස් සෙනසුරාදා දිනවලද මල් හෝ කොළ අවශ්‍ය ගස් සඳුදා දිනවලද උසස් තත්ත්වයේ දැව අපේක්‍ෂා කරන ගස් බ‍්‍රහස්පතින්දා පැළ කිරීම ඉතා සුදුසුය. සිකුරාදා දිනවල සිකුරු හෝරාව මල් පැළ සිටුවීමට ප‍්‍රශස්තය. මුල් හා අල වර්ග සිටුවීම ඉරිදාට සුබය.

එමෙන්ම රෙහෙණ අනුර, විසා, මුවසිරස, රේවතී, මූල, පුෂ සුවණ, අස්විද යන නැකත් රුක් රෝපණයට ඉතා සුබ බව නිර්දේශ කර තිබේ.

පැළයක් ගලවා වෙනත් ස්ථානයක රෝපණය කරන විට විශේෂ ක‍්‍රමවේදයක් තිබේ. එනම් එම පැළයේ අතු විහිදී ගිය දිශාවන් වෙනස් නොකර සිටුවිය යුතු බවය. නැගෙනහිර දිශාවට තිබූ අත්ත එම දිශාවටම සිටින සේ පැළය සිටුවීම අවශ්‍ය වේ.

පැළ සඳහා වතුර දමන විට වියළි ගී‍්‍රස්ම කාලයන් හිදී උදේ මෙන්ම සවසද වතුර දැමීම අවශ්‍ය වේ. ශීත කාලයකදී වතුර දැමීම දවල් කාලයේදී කළ යුතුය. වර්ෂා කාලයේදී වතුර දැමිය යුත්ත් පොළව වියළී ඇති අවස්ථාවල පමණි. එයින් පැළයේ වර්ධනය මනාව සිදු වේ. දැඩි අව් රශ්මිය, ශීතල ආදී සෘතු විපර්යාසයන් නිසා ගස්වලද රෝග හටගනී. මෙහිදී වලඟසාල්, ගිතෙල් හා මඩ සංයෝග කොට ආලේප කළ යුතු වේ. කොල්ලූ, උඳු, මුං, තල, යව, යන ද්‍රව්‍යයන් කිරිවලින් කකාරවා ගසට වත් කිරීමද ප‍්‍රතිකාරයකි. මෙවැනි ප‍්‍රතිකාර ක‍්‍රම රාශියක් වාස්තු විiා ග‍්‍රන්ථවල ‘වෘක්‍ෂායුවේදය’ නමින් දක්වා තිබේ. විෂ රසායන ද්‍රව්‍ය ඉසීමක් කර නැත.

කෘෂිකර්මය උදෙසා භාවිතා කළේ නැකත් පමණක් නොවේ. පිරිත් හා ‘කෙම්’ ක‍්‍රමද භාවිතා කර තිබේ. ගෙඩි නොහැදෙන දෙහි දොඩම් නාරං ආදී ගස්වල අතුවල පොල් ලෙලි එල්ලීම කෙම් ක‍්‍රමයකි. පොල්ගසට සතුන්ගෙන් වන හානිවලට කඳේ නාග රූපය අඳිනු ලැබේ. හිසේ පොල්තෙල් ගා ගත් කෙනෙකු බුලත් කොටුවට ගියහොත් බුලත් දළු මැලවී විනාශවී යයි. කැප්පෙටියා අතු සහ මඩු අතු කුඹුරේ සිටුවීමෙන් කෘමි උවදුරු නැති වේ. නොපැගුනු වැලි ‘සබ්බ පාපස්ස’ ගාථාවෙන් 108 මතුරා කුඹුරට ඉසීමෙන් ද කෘමි උවදුරු නැති වේ.

ගස් වැල් සහ මල් වර්ග සෑම කල්හිම එක සමානව පළදරන්නේ නැත. දෙහි දොඩම්, අඹ, වී, රතුමල්, නෙළුම් ආදිය බහුල වන කාලයක්ද හිගවන කාලයක්ද තිබේ. ඒ ග‍්‍රහ බලපෑම අනුවය. මෙම ගස් වැල් බහුල වීම අනුව රටට උදාවන සුබා සුබද තීරණය කරන ක‍්‍රම වේදයන් තිබේ. මේ අනුව,

රතු නෙළුම් බහුල වීම රජටු හා රජයට සුබඵලදායක වෙයි. නිල් මහනෙල් බහුල වීම ඇමැතිවරුන්ට සුබඵලදේ. ඇසළ බහුල වීම ව්‍යාපාරිකයන්ට සුබවන අතර වෙළෙඳාම් දියුණු වේ. කෙළිඳ බහුල වනවිට රට පුරා රෝග බියක් පැතිරේ. ඉඹුල් බහුල වන්නේ යුද බියක් ඇති විටය. රට සෞභාග්‍යය කරා ගමන් කරන බව කොහොඹ හා නා ගස් බහුල වීමෙන් දැකගත හැකිය. අඹ බහුල වන්නේ සියලූ මිනිසුන්ට සැප සම්පත් උදා කරමිනි.

නිවස අවට ගස් වවන විට සුබ ගස් වුවද රෝපණය නොකළ යුතු දිශාද ඇත. නැගෙනහිරට ඇසටු ගසද, දකුණට පුලිල ගසද, බටහිරට නුග සහ උතුරට අත්තික්කා ගසද යන ගස් හතර පිහිටීම ඉතා අශුභය. එමෙන්ම ඇසළ, කොහොඹ, අඹ, කෙසෙල් යන ගස් හතරද ඉහත දිශා හතරේ පිහිටීම ඉතා අශුභ බව ‘විශ්වකර්ම ප‍්‍රකාශයේ’ දක්වා තිබේ. එමෙන්ම නැගෙනහිරට ගෙඩි ඇති ගස්ද, දකුණට කිරි ගස්ද, බටහිරට ජල පැළෑටිද සතුරු බිය ඇති කරන බව කියා තිබේ. ඉහත දක්වා ඇති අශුභ ඵලදායක ගස් ඇතිවිට වසර හයකින් ගෙහිමියා මියයන බවත් අවුරුදු නවයකින් නිවසේ ශි‍්‍රයාව නැතිවන බවත්, අටවන වර්ෂයේ සියල්ල නැතිවන බවත් කියා තිබේ. මෙම වෘක්‍ෂ වෙනත් දිශාවල සිටුවිය හැකිය.

මෙකල පිටරටවලින් ගෙන්වන ලදුව පරිසරය විනාශකරන ගස්වැල් වර්ගද පැතිරයමින් පවතී. වැලන්ටයින් නම් ශාඛය එවැනි ශාඛයකි. එය කපා දමුවද පොළව යටින් ගොස් වෙනත් තැනකින් ලියලා වැඬේ. ඉපිල් ඉපිල්, ආදී බොහෝ ආනයනික ශාඛවලින් වන්නේ පරිසරය විනාශ වීමයි.

යහපත් ගස් වර්ග වැවීමෙන් සියලූ මිනිසුන්ට සෙවණද, නිසි කලට වර්ෂාවද, පොළවේ තෙතමනයද, කුසට ආහාරද, කුරුල්ලන් ආදී අන් සතුන්ට පවා ආහාරද ලබාදී උවමනා දැව වර්ගද ලබාගත හැකිය. හුස්ම ගැනීමට අවශ්‍ය පිරිසිදු වාතය ලැබෙන්නේද ගස්වලිනි. මෙය ගස් වැල් පිළිබඳ ඉතා කෙටි සටහනක් පමණි. පුරාණ ග‍්‍රන්ථයක එන පහත සඳහන් පැනයෙන් මෙම ලිපිය නිමා කරමු.

‘ජාතියෙන් හුනු තැනෙන්නේය. දුරාචාරයේ හැසිරෙන අයද නානා විධ අකුසල් කරන අයද, පිටමං කරන ලද මනුස්සයෝ යන මොවුහු පවා වෘක්‍ෂලතා රෝපණය කිරීමෙන් සැප ලබති.’

ගස් වැල්වල සුබ අසුබ භාවනානුයෝගී හිමි නමක් මෙලෙස පවසයි



කෑගල්ල – සුනිල් කුමාර ගම්ලත්
දු.අංකය – 0771 234 313

advertistmentadvertistment
advertistmentadvertistment