ග්‍රහලොව බුද්ධිමතා සුර ගුරුට පරදී

4350

ගුරුගේ ජය ලැබීම හේතු කොට ගෙන නව නීති අණපනත් සකස් වන බවක් ද පෙනේ. ආගමික ප්‍රබෝධයක් ද පෙන්නුම් කරයි. ගුරුවරුන්ට උගතුන්ට ආගමික නායකයන්ට යහපත් බවක් පෙනෙන්නට තිබේ.

එමෙන් ම ගුරුගේ ජය ලැබීම හේතු කොට ගෙන රජය උගතුන්ගෙන් උදව් ලබාගන්නා බවක් ද පෙනේ.

සූර්ය මස වෘෂභ රවි විසිඅට භාගයක් වූ චන්ද්‍ර මස වෙසක් අව තෙලෙස්වක තිථියලත් කුජ දින 2024.06.04 සවස 3.54 ට ග්‍රහ යුද්ධයෙන් ඥානකාරක බුධ ග්‍රහයා පරාජයට පත් කරමින් ප්‍රඥාකාරක මෙන්ම දෙවියන්ගේ දෙවියන් ලෙස සලකන ගුරු ග්‍රහයා ජය හිමි ගන්නා ලදී.

ග්‍රහ යුද්ධය සිදු වනුයේ කැති නැකතේ හතරවන පාදය තුළ ය. මෙහි හතරවන පාදය ගුරුට අයත්ය. කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රයේ ග්‍රහ යුද්ධය හතරවන භාවයේ සිදු වේ. ඒ අනුව කෘෂිකර්මයට, ආකර පතල් යන ස්ථානවල කරදර ගැටලු මතු කරයි. එසේම රාජ්‍ය ගොඩනැඟිල්ලක් හදිස්සියේ කඩා වැටීමේ පුවතක් ද අසන්නට ලැබේ. මේ මොහොත වන විට වාණිජකරණයත්, අතිගණ්ඩ යෝගයත්, සිකුරු කාල හෝරාවත්, සඳු පංචම කාල හෝරාවත්, සඳු සූක්ෂම කාල හෝරාවත් යෙදී තිබුණි. මෙදින පවතින අතිගණ්ඩ යෝගය අසුබ යෝගයකි. තත්කාල ලග්නය වශයෙන් තුලා ලග්නයත්, කුම්භ නවාංශකයත් යෙදී තිබුණි. මෙහි දී පස්වැන්නේ ශනිද, හයවැන්නේ රාහුද, හත්වැන්නේ සඳු, කුජද, අටවැන්නේ සිකුරු ගුරු බුධ රවි ද විය. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති වූ බුධ මෙන්ම 64 නවාංශකාධිපති වූ ලග්නාධිපති සිකුරු සමග සංයෝගව අටවැන්නේ ය. කාන්තාවන්ට මෙන්ම කුඩා දරුවන්ට කරදර විපත් ඇති වන බව පෙනේ. තුලාවට බාධක ග්‍රහයා වූ රවි අටවැන්නට යෑම තුළ රාජතන්ත්‍රයට ප්‍රබල අභියෝග ඇති කරයි. ගුරුගේ ජය ලැබීම හේතු කොට ගෙන නව නීති අණපනත් සකස් වන බවක් ද පෙනේ. ආගමික ප්‍රබෝධයක් ද පෙන්නුම් කරයි. ගුරුවරුන්ට උගතුන්ට ආගමික නායකයන්ට යහපත් බවක් පෙනෙන්නට තිබේ. එමෙන් ම ගුරුගේ ජය ලැබීම හේතු කොට ගෙන රජය උගතුන්ගෙන් උදව් ලබාගන්නා බවක් ද පෙනේ. තත්කාල කේන්ද්‍රයේ කුජ බලවත්ව සිටීම මත දරුණු රිය අනතුරු මෙන් ම හදකම්පා කරවන සිදුවීම් ගැන ද අසන්නට ලැබේ. මෙයට අමතරව ප්‍රබල අපරාධකරුවන් නීතියට හසුවන බවක් පෙනෙන්නට තිබේ. එමෙන් ම ප්‍රසිද්ධ මිය යෑමක් ගැන ද පෙන්නුම් කරයි.

කාලගුණයේ කැලඹිලි බව අඩු කරයි. සඳු කුජගෙන් පීඩා විඳීම මත ජනතා සිතුම් පැතුම්, ආකල්ප, ප්‍රකෝපකාරී වීමට ඉඩ පවතී. බුධගේ පරාජය හේතුවෙන් බුධට හිමි පුද පූජා කරන්න. ඉෂ්ට දෙවියන් සිහි කරන්න. ගුරුවරුන් සිහි කිරීම බුධ හිමි දෙවියන් සිහි කිරීම එනම් (ශ්‍රී විෂ්ණු දෙවියන්) අගිල් මුසු දූපය පිදීම බදාදා දිනක උතුරු දිශාව බලා මෙම පූජාවල් කිරීම යහපත් ප්‍රතිඵල ලබා ගත හැක. බුධගේ පරාජය සමග බුද්ධිමතුන්, ආචාර්ය, මහාචාර්ය, කතුවරු, මාධ්‍යවේදීන්, මාධ්‍ය ආයතන, අසුබතා ඇති කරයි. සුබ මුහුර්ත සැකසීමේ දී ග්‍රහ යුද්ධ පවතින දිනක නැකැත් සුබ කටයුතු යොදා නොගැනීම කළ යුතු ය. ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත් වන ග්‍රහයා දුබල ග්‍රහයෙක් ලෙස සලකන බැවිනි. කම්කරු අරගලවල වර්ධනයක් ද පෙන්නුම් කරයි. මෙදෙසින් බලන කල මෙකී නොකී තවත් විවිධාකාර ලෙසින් මහජනයාට බාධකවලට මුහුණ දීමට සිදු වන බැවින් ඉදිරි කාලය පුරා මෙත් සිතින් යුතුව තම නැණ පමණින් කටයුතු කරමින් ඉවසීමෙන් යුතුව කරන ලෙසට මුළු මහත් ජනතාවගෙන් ආයාචනා කර සිටිමි.

ග්‍රහලොව බුද්ධිමතා සුර ගුරුට පරදී

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment