ග්‍රහලොව මනමාලි කැරලිකාර යුරේනස්ට පරදී

1056

තත්කාල කේන්ද්‍රය තුළ ලග්නාධිපති 22 වන දෙර්කානාධිපතිගෙන් පීඩාවීම මත කාම අපරාධ මෙන් ම කාන්තා හිංසන ගැන ද අසන්නට ලැබේ. එමෙන්ම තෙවැන්නටත් හයවැන්නටත් අධිපති ගුරු තත්කාල කේන්ද්‍රයේ අටවැන්නට ගමන් කිරීම මත ආගමික නායකයන්ට අසුබතා ඇති කරයි. යළි කරළියට යම් යම් වසංගත රෝග තත්ත්වයන් ගැනද වාර්තා වේ. බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් සිද්ධීන් වාර්තා වීමට ඉඩ පවතින කාලයක් ද වේ.

සූර්ය මාස වෘෂභ රවි විසි එක භාගයක් වූ චන්ද්‍ර මස වෙසක් මස පුර එකලොස්වක තිථිය ලත් ශනි දින 2024.05.18 ප.ව.5.11 සිකුරු – යුරේනස් අතර ග්‍රහ යුද්ධයෙන් කැරලිකාර ග්‍රහයකු ලෙස සලකන යුරේනස් ජය හිමි කර ගනී. මැයි මාසය තුළ ප්‍රධාන වශයෙන් ග්‍රහ යුද්ධ තුනක් පවතින අතර මැයි 18 වෙනිදා සිදු වනුයේ මෙම මාසයේ ප්‍රථම ග්‍රහ යුද්ධය වේ. ග්‍රහ යුද්ධය සිදු වනුයේ කැති නැකතේ එක පාදය තුළ ය. කැති නැකත වනාහි රක්ත වර්ණ / පුල්ලිංග / අධෝමුඛ තාරකා හයකින් යුත් නැකතකි. මෙහි පළමු පාදය ගුරුට අයත් ය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රයේ ග්‍රහ යුද්ධය හත්වෙනි භාවය තුළ සිදු වේ. ඒ අනුව විදේශීය කටයුතුවලට බාධක ඇති විය හැකි අතර, දික්කසාද වීම්වල ඉහළ යෑම් ද වාර්තා වේ.

මේ මොහොත වන විට වණිජ කරණයත්, රවි හෝරාවත්, ගුරු පංචම කාල හෝරාවත්, කුජ සූක්ෂමයත් යෙදී තිබුණි. මෙහි දී ගුරු පංචමය විෂ සහිත ය. තත්කාල ලග්නය වශයෙන් තුලා ලග්නයත් මීන නවාංශකයත් යෙදී තිබුණි. මෙහි දී සිව්වැන්නේ ශනිද, හයවැන්නේ රාහු කුජ ද, හත්වැන්නේ ලග්නාධිපති සිකුරු, යුරේනස් සමගින් 22 වන දෙර්කානාධිපති මෙන් ම 64 නවාංශකාධිපති අයත් බුධ ග්‍රහයාද, අටවැන්නේ ගුරු රාහු ද දොළොස්වැන්නේ සඳු කේතු ද ගමන් ගෙන තිබුණි. බුධ මෙසේ දුබල වීම මත බුද්ධිමතුන්ට / සරසවි ශිෂ්‍යයන්ට/ කුඩා දරුවන්ට/ විපක්ෂයට යම් යම් අසුබතා ඇති කරයි. එමෙන්ම සරසවි තුළ ගැටුම්, ගැටලු පෙන්නුම් කරයි. ග්‍රහ යුද්ධය හත් වැන්න හෙවත් සමගි සන්ධාන පෙන්නුම් කරන තැන සිදුවීම් මත යම් යම් පක්ෂවල අභ්‍යන්තර මත ගැටුම් වර්ධනය වන බව පෙනේ.

සිකුරුගේ පරාජය හේතු කොට ගෙන කලාකරුවන්ට, නිර්මාණවේදීන්ට අගුණ විපත් කරදර ඇති කරනු ලබයි. තවද සිකුරු සාගරයට කාරකත්වය දරන හෙයින් සාගර භූකම්පන තත්ත්වය ද පෙනෙන්නට තිබේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රය තුළ මෙකී ග්‍රහ යුද්ධය සිදු වනුයේ 3 වෙනි භාවය තුළ ය. ඒ අනුව විදුලි සංදේශ /තොරතුරු තාක්ෂණය/ තැපැල් යන අංශවල ප්‍රබල ගැටලු ඇති කරයි. ප්‍රකට ලේඛකයෙකු ජාතියට අහිමි වන පුවතක් ගැනද අසන්නට ලැබේ.

යුරේනස්ගේ ජය ගැනීම හේතුකොට ගෙන කැරලි කෝලාහල ඇති වීමට ඉඩ පවතින අතර, විදුලි බිලට යම් සහනයක් ලැබිය හැකි බවක් ද පෙනේ. බාල බෙහෙත් ගැන යළි කරළියට එයි. තවද ජාතික ආදායම් තත්ත්ව යම්තාක් දුරට ස්ථාවර වීම මත ජනතාවට යම් යම් සහන ලැබීමට පවා ඉඩ ඇත. සමහර අවස්ථාවලදී මහජන මුදල්වලට හානි සිදු වන බව ද පෙනේ.

තත්කාල කේන්ද්‍රය තුළ ලග්නාධිපති 22 වන දෙර්කානාධිපතිගෙන් පීඩාවීම මත කාම අපරාධ මෙන් ම කාන්තා හිංසන ගැන ද අසන්නට ලැබේ. එමෙන්ම තෙවැන්නටත් හයවැන්නටත් අධිපති ගුරු තත්කාල කේන්ද්‍රයේ අටවැන්නට ගමන් කිරීම මත ආගමික නායකයන්ට අසුබතා ඇති කරයි. යළි කරළියට යම් යම් වසංගත රෝග තත්ත්වයන් ගැනද වාර්තා වේ. බන්ධනාගාර ආශ්‍රිතව යම් යම් සිද්ධීන් වාර්තා වීමට ඉඩ පවතින කාලයක් ද වේ.

රාහු කුජ සංයෝගය යහපත් නැත. පිපිරීම්, ගිනි ගැනීම්, ගිනි තැබීම්, වෙඩි තැබීම් ගැන ද නිරන්තරයෙන් ඒ ගැන වාර්තා ඇති කරයි. සුභ මුහුර්ත සෑදීමේ දී ග්‍රහ යුද්ධ පවතින දිනක යොදා ගැනීම නොකළ යුතු ය. ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත් වන ග්‍රහයා දුබලයෙක් ලෙස සලකන නිසාවෙනි.

පසුගියදා පැවති ගුරු මාරුව සමග දේශපාලන භූමිය යළි උණුසුම් බවක් ද පෙන්නුම් කරයි. එසේම ප්‍රබල දේශපාලනඥයකුට අසුභ බවක් ද පෙනෙන්නට තිබේ. රට තුළ පවතින දැඩි උණුසුම් කාලගුණය මැයි මැද වන තෙක් පවතින බව පෙනේ. පක්ෂ විපක්ෂ ප්‍රබල පිල්මාරු ඇති වීමට ඉඩ පවතින කාලයක් ද වේ.

රජය සහ මහජනතාව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමෙන් දාන සීල භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතු ව අන්‍යොන්‍ය විශ්වාසයෙන් බෝධි පූජා, බුද්ධ පූජා කිරීමෙන් ඉහත කී කරුණුවලින් මිදී යහපත උදා කර ගැනීමට හැකි වනු බව අපගේ විශ්වාසය යි.

ග්‍රහලොව මනමාලි කැරලිකාර යුරේනස්ට පරදී

ජ්‍යොතිර්වේදී, ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment