ග්‍රහලොව සෙන්පති යුරේනස්ට පරදී

2065

සුබ මුහුර්ථියක් සෑදීමේදී ග්‍රහ යුද්ධ පවතින දිනක යොදා ගැනීමට නොකළ යුතුය. ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත් වන ග්‍රහයා දුබලයකු ලෙස සැලකේ. එමෙන්ම තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති ගුරුට අයත් වීම නිසා ජනතාවට බදු බර ප්‍රබලව පෙන්නුම් කරයි.

ඇසළ පුර දසවක තිථියලත් සඳු දින 2024.07.15 රාත්‍රී 7.35 ට කුජ – යුරේනස් අතර ග්‍රහ යුද්ධයෙන් කැරලිකාරයෙක් මෙන්ම හිතුවක්කාරී ග්‍රහයෙකු වූ කුජ ග්‍රහයා පරාජයට පත් වේ. එසේම මෙම වසර තුළ සිදුවන 16 වන ග්‍රහ යුද්ධය මෙය වන අතර කැති නැකතේ පළමුවෙනි පාදය තුළ ග්‍රහ යුද්ධය සිදු වේ. කැති නැකත වනාහි රක්ත වර්ණ, පුල්ලිංග, අධෝමුඛ තාරකා 6 කින් යුත් නැකතකි. මෙහි පළමු පාදය ගුරුට අයත්ය.

කුම්භ ලග්න හිමි ලංකා කේන්ද්‍රය තුළ මෙකී ග්‍රහ යුද්ධය හතරවෙනි භාවය තුළදී සිදු වේ. ඒ අනුව පතල් අනතුරු, භූ කම්පන මෙන්ම මහජනතාව රැස් වන ආයතනයක හදිසි ගිනි ගැනීමක් ගැන ද වාර්තා වේ. ආරක්ෂක අංශයන්ට වැඩ වැඩිවන බවක්ද පෙන්නුම් කරයි.

මේ මොහොත වනවිට තෛයිතිලක කරණයත්, බුධ හෝරාවත්, බුධගේ පංචම කාල හෝරාවත්, සඳුගේ සූක්ෂමයත් යෙදී තිබූ අතර තත්කාල ලග්නය වශයෙන් මකර ලග්නයත්, වෘෂභ නවාංශකයත් යෙදී තිබුණි. මෙහිදී දෙවැන්න හෙවත් ධනස්ථානගතව වක්‍ර ලග්නාධිපති ද තෙවැන්නේ රාහු ද, පස්වැන්නේ 22 වන දෙර්කානාධිපති වූ ගුරු සමග කුජ, යුරේනස් ද හයවැන්නේ අටවැන්නට අයත් රාජ්‍යකාරක රවි ද හත්වැන්නේ බුධ, සිකුරු ද, නවවැන්නේ කේතු ද, දහවැන්නේ සඳු ද විය.

කුජගේ පරාජය හේතුවෙන් මා මුලින් පැවසූ දේ ඇති වීමට ඉඩ තිබේ. එයට අමතරව කලා ක්ෂේත්‍රයේ අයට ද අගුණ විපත් ඇති විය හැකි බව ද පෙනේ. එසේම හදකම්පා කරවන දරුණු රිය අනතුරු ගැන ද වාර්තා වේ.

තත්කාල කේන්ද්‍රයේ විද්‍යා ස්ථානයේ හෙවත් පස්වැන්නේ මෙකී ග්‍රහ යුද්ධය සිදුවීම හේතුවෙන් අධ්‍යාපනික ආයතනවල ගැටලු පැන නැඟේ. සරසවි සිසුන් රජයට විරුද්ධව උද්ඝෝෂණ දියත් වන බවද පෙන්නුම් කරයි.

යුරේනස්ගේ ජය ගැනීම හේතු කොටගෙන කැරලි කෝලහාලවල වර්ධනයක් ද පෙනෙන්නට තිබේ. එසේම විදුලි බිලට යම් සහනයක් ලැබිය හැකි බවක් ද පෙන්නුම් කරයි. බාල බෙහෙත් ගැන යළි කරලියට එයි. එසේ තත්කාල කේන්ද්‍රයේ ධනස්ථාන ගතව වක්‍ර ශනි පැවැතීම මත රජයේ මුදල් අනවශ්‍ය දෑවලට වියදම් වන බවක් ද පෙනේ. තවද සෞඛ්‍යය ගැටලු, කාෂිකාර්මික ගැටලු ද ප්‍රබලව නොවැම්බර් 16 වනතුරු පවතී. මෙයට අමතරව රාජ්‍ය කාරක රවි ද දුබල වීම මත රජයේ අභ්‍යන්තර ගැටලු ද පෙන්නුම් කරනු ලබයි. තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති ගුරු වීම මත ආගමික නායකයන් වහන්සේලාට කරදර, විපත් ඇති වන බවද පෙනේ. කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ 8 අධිපති 6 වැන්නට යෑම තුළ සරලා යෝගය පවතී. මෙම බුධ බුධට ම අයත් අස්ලිස නැකතේ ගමන් කර තිබීම මත බුධ නියෝජනය කරන අංශවල ප්‍රබල වර්ධනයක් ද දැක ගත හැක.

ඔබ සුබ මුහුර්ථියක් සෑදීමේදී ග්‍රහ යුද්ධ පවතින දිනක යොදා ගැනීමට නොකළ යුතුය. ග්‍රහ යුද්ධයෙන් පරාජයට පත් වන ග්‍රහයා දුබලයකු ලෙස සැලකේ. එමෙන්ම තත්කාල කේන්ද්‍රයේ 22 වන දෙර්කානාධිපති ගුරුට අයත් වීම නිසා ජනතාවට බදු බර ප්‍රබලව පෙන්නුම් කරයි.

ධර්මිෂ්ඨව, සිල්වත්ව පුද්ගලයා සිටීම මත මෙම කියන අසුබ තත්ත්වවලින් ඔබට මිදිය හැකිය.

ග්‍රහලොව සෙන්පති යුරේනස්ට පරදී

සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය. පී.කේ.තරංග කුමාර
077 796 2658

advertistmentadvertistment
advertistmentadvertistment