ග්‍රහ අස්තය ගැන දැනුවත් වෙමු

456

ග්‍රහයකු වක්‍ර වීම, නිවෘත වීම, උදාවීම ආදී කොට ඇති ග්‍රහ ගති අතර ග්‍රහයකු අස්ත වීමද එක් අවස්ථාවකි. ග්‍රහයකු අස්ත වීම යනු සුර්යයාගේ දැඩි රශ්මියෙන් එම ග්‍රහයා දැවී පිලිස්සී යෑමය. යම් ග්‍රහයකු සුර්යයාට පමණට වඩා ළංවන විට ඉහත සඳහන් වූ ලෙසට පීඩාවට පත් වේ. එවිට එම ග්‍රහයාගේ බලය ඉතාම දුර්වල තත්ත්වයකට පත්වේ. මෙලෙස අස්ත වන ග්‍රහයා ලූප්ත ග්‍රහයා නමින් ද හැඳින්වේ.

රවිගේ රශ්මි මණ්ඩලයට යම් ග්‍රහයකු පැමිණ අස්ත වූ කල එම ග්‍රහයාගේ ඵල ජන්මියාට ලබා නොදේ. කෙසේ නමුත් යම් ග්‍රහයෙක් රවි සිටි නැකතේම තැන්පත්ව සිටි විට එම ග්‍රහයා අස්ත ය. ග්‍රහ මණ්ඩලයේ අස්ත වන ග්‍රහයා අතුරින් බුධ ග්‍රහයාගේ අස්තය සාමාන්‍යයෙන් ගණන් නොගනී. ඊට හේතුව බුධ ග්‍රහයා සූර්යයාට ආසන්නයේම පිහිටා තිබීමයි. සාමාන්‍යයෙන් සිකුරු වැනි දීප්තිමත් ග්‍රහයන් රවිගෙන් 120 ට වඩා ඈත් වූ විට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැක. එනමුත් ශනි වැනි දීප්තියෙන් අඩු ග්‍රහයන් පියවි ඇසින් නිරීක්ෂණය කිරීමට රවිගෙන් 150 කට වඩා ඈතින් ගමන් කළ යුතුය. කෙසේ නමුත් සිකුරු ග්‍රහයා දීප්තිමත් ග්‍රහයකු වුව ද අස්ත කල පියවි ඇසට නොපෙනේ. මෙම සිකුරු ග්‍රහයා රාත්‍රි කාලයේ අහසේ දර්ශනය වන විට ඉරබටු තරුව ලෙසත් පාන්දර කාලයේ අහසේ දර්ශනය වනවිට පහන් තරුව හෙවත් උදා තරුව ලෙසත් හඳුන්වයි. ග්‍රහයන් මෙලෙස අස්ත වුව ද ඡායා ග්‍රහයන් වන රාහු හා කේතු කිසිදා අස්ත භාවයට පත් නොවේ. කෙසේ නමුත් අස්ත වූ ග්‍රහයකු උදාවන තුරු, නැවත පියවි ඇසින් දැකිය නොහැක. එනම් අස්ත අංශකවලින් පිටත පමණක් ග්‍රහයන් පියවි ඇසින් දැකිය හැක. සූර්යයාට සෘජු ගමනින් හා වක්‍ර ගමනින් කිට්ටු වන ග්‍රහයා අස්ත වන පෙර හෝ පසු අංශක ගණන් මෙසේ දැක්විය හැක.

ග්‍රහයා සෘජු ගමනේදී අස්ත වීම වක්‍ර ගමනේදී අස්ත වීම

සඳු 120
කුජ 170 080
බුධ 140 120
ගුරු 110 110
ශුක්‍ර 100 080
ශනි 150 160

කෙසේ නමුත් අස්ත වන අංශක ගණන් අඩු නම් එම තත්ත්වය අස්තංගත නමින් හැඳින්වේ. එසේම ග්‍රහයකු සෘජු ගමනේදී අස්ත වීම අස්තාංග වීම ලෙස ද වක්‍ර ගමනේදි අස්ත වීම වක්‍රාස්ත වීම ලෙස ද හඳුන්වයි. ජ්‍යොතිෂ ග්‍රන්ථයන්හි සඳහන් වන ආකාරයට රවි අසලින්ම ගමන් කරන බුධ ග්‍රහයා රවිට 60 ක් ආසන්න සීමාවේදිත් අනෙකුත් ග්‍රහයන් රවිට ආසන්න 8 1/2 0 ක සීමාවේදීත් අස්ත වේ. කෙසේ මුත් ග්‍රහයකු අස්ත බවින් මිදීම හෙවත් ඉහත සඳහන් අස්ත වන අංශක ගණනින් ඈත් වූ විට ග්‍රහයා උදා වුණා යැයි කියනු ලැබේ.

ග්‍රහ අස්තය ගැන දැනුවත් වෙමු

යම් ජන්මියකුගේ ග්‍රහයන් අස්ත වූ විට එම අස්ත දෝෂය

භංග වන ක්‍රම ද ජ්‍යොතිෂ පොත පතේ සඳහන්ය. ඒ මෙසේය.

  • අස්ත ග්‍රහයා උච්ච හෝ ස්වක්ෂේත්‍ර ග්‍රහයෝ සමග සංයෝගව සිටීම
  • අස්ත ග්‍රහයා කේන්ද්‍ර හෝ ත්‍රිකෝණ අධිපතියන් සමග සංයෝගව සිටීම

තවද යම් ලෙසකින් උච්ච හෝ ස්වක්ෂේත්‍ර ග්‍රහයකු අස්ත වූ විට එම ග්‍රහයා ජන්මියාට ඵල නොදේ. ග්‍රහයන් අස්ත වීමේදී සාමාන්‍යයෙන් සඳුගේ අස්තය අස්තයක් ලෙස ගණන් නොගනී. මෙහිදී සඳුගේ අස්තය සිදු වනුයේ අමාවක හා පුර පෑලවිය තිථිවලදීය. ඒ අතර ග්‍රහ අස්තය සම්බන්ධ විවිධ වූ මතිමතාන්තර ද කිහිපයකි. ඒ මෙසේය.

  • සූර්යයාට ඈතින් පිහිටන ශනිගේ අස්තය අශුභ නොවේ.
  • කුම්භ රාශියේ සිදුවන ඕනෑම ග්‍රහයකුගේ අස්තය අශුභ නොවේ.
  • ජන්ම පත්‍රයක 6, 8 යන භාව රවිට අයත් විට එවැනි අවස්ථාවක අස්ත වූ යම් ග්‍රහයෙක් වෙතොත් එහිදී එම ග්‍රහයාගේ අස්ත දෝෂය ඉතා බලවත්ය.
  • අස්ත ග්‍රහයාගේ මහ දශාව මෙන්ම අතුරු දශාව ද තදබල මාරක අපල ගෙනදේ.

පහත දැක්වෙන සරල රූප සටහන ආධාරයෙන් ග්‍රහයකු අස්ත වන ආකාරය අවබෝධ කර ගනිමු. මෙහිදී ග්‍රහ අස්තය පැහැදිලි කිරීමට ගුරු ග්‍රහයා යොදාගෙන ඇත.

ඉහත රූප සටහනේ ආකාරයට ගුරු ග්‍රහයා සූර්යයාට 110 ක් ළං වනවිට ගුරු ග්‍රහයාගේ අස්ත වීම ආරම්භ වේ. එහිදී ක්‍රමයෙන් අංශක ප්‍රමාණය අඩුවෙමින් 00 තෙක් පැමිණෙමින් සූර්යයාට ළං වේ. 00 න් පසු නැවත අංශක ප්‍රමාණය වැඩි වෙමින් සූර්යයාගෙන් 110 දක්වා ඈත් වනවිට ගුරු ග්‍රහයාගේ අස්තය අවසන් වී අස්ත වූ ගුරු ග්‍රහයා උදා වේ.

ග්‍රහ අස්තය ගැන දැනුවත් වෙමු

ආචාර්ය මහේන්ද්‍ර පල්ලෙබැද්ද
දු. අංකය 071-9282653

advertistmentadvertistment
advertistmentadvertistment