ගාල්ලට වැටුණු වැස්සෙන් – මහනුවර – යාපනය සම ශුරයෝ වෙති

74

නැෂනල් සුපර් ලීග් සිව්දින තරගයේදී තීරණාත්මක සහ අවසන් දිනය වූ ඊයේ (10 වැනිදා) දිනයේදී ජාත්‍යන්තර ගාල්ල කී‍්‍රඩාංගණයට ඇද වැටුණු අධික වාර්ෂාව හේතුවෙන් ඊයේ දිනය එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ. එ් අනුව 2022 නැෂනල් සුපර් ලීග් සිව්දින කි‍්‍රකට් තරගාවලියේ සම ශුරයින් ලෙස කිරුළු පළඳින්නට මහනුවර සහ යාපනය කණ්ඩායමට හැකියාව ලැබිණි.

 තරගයේ තෙවැනි දිනය වූ පෙරේදා (09 වැනිදා) දිනය අවසන් වෙද්දී වැඩි ගෞරව දිනා ගැනීමට මහනුවර කණ්ඩායම සමත්වී සිටියේය. එ් අනුව දිනය අවසන් වනවිටදී සිය දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ඔවුන් එක් කඩුල්ලක් දැවී ලකුණු 52ක් ලබා සිටියේය. එ් යාපනය පළමු ඉනිමට වඩා ලකුණු 269ක් ඉදිරියෙන් සිටිමිනි.

 මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිමට සියලූ දෙනා දැවී ලකුණු 444ක් ලබා ගැනීමට සමත්විය. ඕෂධ ප‍්‍රනාන්දු ලකුණු 109ක්, නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් සහ කසුන් උදාර ලකුණු 71ක් වාර්තා කළේය.

 යාපනය පළමු ඉනිම සියලූ දෙනා දැවී ලකුණු 227කට සීමා විය. එම ඉනිමේදී නිශාන් මදුසංක ලකුණු 57ක් සහ නායක ධනංජය ද සිල්වා ලකුණු 30ක් වාර්තා කළේය.

 අනතුරුව ලකුණු 217ක පළමු ඉනිමේ වාසිය සමගින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ මහනුවර අයහපත් කාලගුණ තත්ත්වය මත තරගය අත්හැර දමද්දී එක් කඩුල්ලකට ලකුණු 52ක් ලබා සිටියේය.

 ලකුණු සාරාංශය

 මහනුවර පළමු ඉනිම 444/10 දෙවැනි ඉනිම 52/1

 යාපනය පළමු ඉනිම 227/10

advertistmentadvertistment
advertistmentadvertistment