ගාල්ල දෙවැනි ජයත් වාර්තා කරයි

184

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අවුරුදු 19න් පහළ යූත් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති කොළඹ උතුර සහ ගාල්ල අතර තරගයේදී තියුණු සටනකින් පසුව ගාල්ල කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එක් කඩුල්ලක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

එය මෙවර තරග වාරයේ ගාල්ල කණ්ඩායම ලබා ගත් දෙවැනි ජයග්‍රහණය ලෙසින් සටහන් විය.

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 46කදී ලබා ගත් ලකුණු 233 හඹා යෑමට ගාල්ල කණ්ඩායම පිටියට පිවිසි අවස්ථාවේ අයහපත් කාලගුණයේ බලපෑම මත ඔවුනට ඩක්වර්ත් ක්‍රමයට ජයග්‍රහණය සඳහා ලකුණු 170ක ඉලක්කයක් ලැබිණි. තියුණු තරගයකින් පසුව ගාල්ල කණ්ඩායම කඩුල්ලකින් මේ තරගය ජය ගත්තේ පන්දුවාර 22.5කදී කඩුලු 9ක් දැවී ලකුණු 171ක් රැස් කරමිනි.

මේ අතර මහනුවර අස්ගිරියේ පැවැත්වීමට නියමිතව තිබූ දඹුල්ල සහ මහනුවර අතර තරගය අයහපත් කාලගුණය මත අත්හිටුවිණි. මුලින් පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම පන්දුවාර නවයකදී කඩුලු 2කට ලකුණු 55ක් ලබා සිටියදී වර්ෂාව පතිත වූයෙන් තරගය නිමාවට පත් විය.

කොළඹ උතුර කණ්ඩායම පන්දුවාර 46කදී ලකුණු 233යි – (ඉනුක කරන්නාගොඩ 39, හිරුන් කපුරු බණ්ඩාර 29, රශ්මික හිරුෂාන් 27, විහස් තෙව්මික 24, යුරි කොත්තිගොඩ 53/4, කළණ පැතුම් 38/2, මල්ෂ තරුපති 41/2)

ගාල්ල පන්දුවාර 22.5 කදී කඩුලු 9ට ලකුණු 171 යි – (දිනුරු අබේවික්‍රමසිංහ 34, රවිෂාන් ද සිල්වා 21, දනුජ ඉඳුවර 20, මල්ෂ තරුපති 21, කළණ පැතුම් 21, උවින් පෙරේරා 19/2, විහස් තෙව්මික 24/2)

advertistmentadvertistment
advertistmentadvertistment