ගාල්ල ධීවර වරායේ යාත‍්‍රාවකත් ගෑස් පුපුරයි

146

ගාල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින යාත‍්‍රාවක ගෑස් සිලින්ඩරයක් ඊයේ (02දා) සවස පුපුරා ගොස් ඇතැයි වරාය පොලිසිය පවසයි.

මෙම බහුදින යාත‍්‍රාව මුහුදු යෑමට සූදානම්ව ධීවරයන් දහවල් ආහාර පිසිමින් සිටින අවස්ථාවේ ගෑස් සිලින්ඩරයට සවිකර තිබූ රෙගියුලේටරය සහ බටය පුපුරා ඇති බවත් එය පිපිරීමත් සමග එහි සිටි ධීවරයන් දිවි බේරාගෙන ඇති බවත් පොලිසිය පවසයි. ගිංතොට වටරැක පදිංචි අයකුට අයත් යාත‍්‍රාවක් තුළ මෙම පිපිරීම සිදුව ඇත. වරාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment