ජනාධිපති කාර්යාලයට සහ ජනාධිපති මන්දිරයට යන කොටුව ප්‍රදේශයේ සියලුම මාර්ග මේ වන විට පොලිසිය මාර්ග බාධක යොදා සම්පූර්ණයෙන් වසා දමා ඇත.අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් කොළඹ ගාලුමුවදොරට අද පැමිණෙන විරෝධතා පා ගමන වැලැක්වීම සඳහා මෙලෙස මාර්ග බාධක යොදා ඇත.මෙම ප්‍රදේශය ඔස්සේ ගමන් කරන රථවාහන විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.ඒ අනුව ලේක්හවුස් වටරවුම,ලෝටස් පාර ,කොල්ලුපිටිය හන්දිය මෙලෙස වසා දමා ඇත.
|