ගාලු අභියෝගයේ වැඩි වාසි කාටද

186

පළමු තරගය අද ඇරඹේ

ශ්‍රී ලංකාව නවසීලන්ත ටෙස්ට් තරගාවලිය

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පැවැත්වෙන පළමු තරගය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරැඹේ.

ශ්‍රී ලංකා පිලේ නායකත්වය ධනංජය ද සිල්වා දරන අතර නවසීලන්ත පිලේ නායකත්වය දරනුයේ ටිම් සවුති විසිනි.

ගාල්ල ක්‍රීඩාංගණයේ දඟපන්දු යවන්නන්ගේ පාරාදීසයක් වන අතර තරගයේ ජයග්‍රහණයට කාසියේ වාසිය ද සාධකයක් වන බව බොහෝ විචාරකයෝ පවසති.

අද තරගය පිතිකරණ ලැයිස්තුවේ අංක තුන ස්ථානයේ දිනේෂ් චන්දිමාල් පන්දුවට පහරදෙන බව ශ්‍රී ලංකා වැඩබලන පුහුණුකරු සනත් ජයසූරිය පැවසුවේය.

එමෙන්ම පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරන අතර මෙතෙක් කුසල් අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළත් මෙම තරගයේදී අංක 7 පිතිකරු ලෙස ක්‍රීඩා කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් වන දිනේෂ් චන්දිමාල් වගකීමක් ගෙන පිතිකරණ ලැයිස්තුවේ ඉහළට පැමිණ අංක තුන ස්ථානයේ ක්‍රීඩා කිරීමට නියමිතය.

තවද අංක 5 පිතිකරු ලෙස කමිඳු මෙන්ඩිස් ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් තරග 39කදී නවසීලන්තය තරග 18ක් ජය ගනිද්දී ශ්‍රී ලංකාව තරග 9ක් ජයගෙන ඇති අතර ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවට පත්වී ඇත.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය 2019 වසරේදී අවසන්වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇති අතර ඒ, එස්.එස්.සී. සහ ගාල්ල පිටියේදියි. එහිදී තරග 1-1ක් ලෙස සමව නිමාකරන්නට දෙපිලටම හැකියාව ලැබ තිබුණි.

පසුගිය වසරේ නවසීලන්තයේදී තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී තරග දෙකම පරාජයට පත් කරමින් නවසීලන්තය 2-0ක් ලෙස ජය ගත්තේය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් නවසීලන්තයේ දඟපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරයි.

අද තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම

ධනංජය ද සිල්වා (නායක)

දිමුත් කරුණාරත්න

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

ඇන්ජලෝ මැතිව්ස්

දිනේෂ් චන්දිමාල්

කමිඳු මෙන්ඩිස්

ළහිරු කුමාර

රමේෂ් මෙන්ඩිස්

ප්‍රභාත් ජයසූරිය

අසිත ප්‍රනාන්දු

සුසිල් ජයකොඩි

සංස්කරණය – සුසිල් ජයකොඩි

advertistmentadvertistment
advertistmentadvertistment