ගාලු කුමාරිට ගාල්ල බිංගෙය අසල දී ගෙල තැබූ තරුණයා මරුට

653

බෙලිඅත්ත සිට මරදාන බලා ඉකුත් 10 වැනිදා උදෑසන ධාවනය වූ ගාලු කුමාරි සීඝ්‍රගාමී දුම්රියට ගාල්ල බිංගෙය අසල දී ගෙල තබා සිය දිවි හානි කර ගත් තරුණයෙකු පිළිබඳව ගාල්ලෙන් වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ ගාල්ල මොරිස් පාර අම්බලන්වත්ත පදිංචිව සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු වන නිමල මධුශාන් දහනායක (අවු 25) නමැති තරුණයෙකි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ මියගිය තරුණයාගේ දේහය නිවසේ තැන්පත් කර ඇති අයුරුය.

අක්මීමන – කේ. මතිලාල්.


advertistmentadvertistment